iPhone 13 යනු Apple දුරකථන ලෝලයින් අතර මීලග අවධානය වන්නට නියමිතය. iPhone 13 Mini, iPhone 13, iPhone 13 Pro හා iPhone 13 Pro Max ලෙසට වන නව දුරකථන පෙලෙහි නිකුතුව එලබෙන සැප්තැම්බර 24 සිට නියමිතව ඇත. දැනට වන තොරතුරු මත හදාරන්නන් පවසන්නේ iPhone 12 හා iPhone 11 භාවිතාකරන්නන් හට නව සස්කරනය වෙතට පිවිසෙන්නට ඇති හේතුන් අල්පය. මූලික සැසදීම් වලට අනූව හැඩය මෙන්ම මූලික ක්‍රියාකාරීත්වය අතින් මේවා අතර එතරම් කැපීපෙනෙන වෙනසක් නැති තරම්ය. එසේමුත් iPhone XS හා ඊට පෙර සංස්කරන භවිතාකරන්නන් සදහා නම් නව සංස්කරනය කෙරෙහි අවධානය යොමු කිරීමට හේතූන් ඇති බවයි පෙනෙන්නට ඇත්තේ. නව සංස්කරනය සමග වන කැමරාවේ දියුනු කිරීම් මෙන්ම බැටරි වල තත්වය තීරනාත්මක වෙනසක් ගෙනවිත් තිබෙන බව සැලකිය හැකියි.
නව සංස්කරනය සමග වන Cinematic mode පිලිබඳව අවධානය යොමු කිරීමේදී filmlike aesthetic බව භාවිතාකරන්නන් ගේ කැමැත්ත දිනා ගන්නා අංගයක් වනු ඇත. ඇපල් ආයතනය පැහැදිලි කරන්නේ තම නව A15 Bionic processor සමහ කැමරාවට තම දර්ශනතලයේ වන අංග අතර වඩාත් සාර්ථකව ෆෝකස් බව ගෙනෙන්නට සමත් වන බවයි. තවත් නංවාගයක් වන Photographic Styles සමග පෙර වූ filter වලට වඩා සාර්ථක භාවිතාවක් ගැන බලාපොරොත්තු තැබිය හැකි වනු ඇත. එසේම නව සමහර සංස්කරනටන් සමග වන Night mode මෙන්ම සෙන්ටිමීටර දේකක් තරම් සමීප චායාරූසටහනකට සූදානම් බව අවධානයට ලක්වෙනු ඇත.
Pubudu Siriwansa