ඇත්තටම metaverse කියන්නේ මෙතෙක් කල් Text එකක් නැතිනම් image එකක් ලෙසට තොරතුරු අවකාශයේ සිටි ඔබ ක්‍රියාන්විතයක් බවට පත් කිරීමයි. මේ පියවර සමග ඔබට සිදුවන දේ තමයි, තවදුරටත් ඔබ සහ අන්තර්ජාලය මත ඔබගේ අනන්‍යතාවය සමග වූ පරතරය තවත් පියවරකින් කුඩා වීම. සමහර විටක තත්වය මෙසේ හන්දුන්වන්නට පුලුවන් ” අන්තර්ජාලය මත ඔබේ අනන්‍යතාවය වෙනුවට අන්තර්ජාලය මත ඔබේ භූමිකාව වගේ අර්ථයකින්. තවත් විදිහකට පවසන්නේ නම් අන්තර්ජාලය මත ඔබගේ අනන්‍යතාවය නාම පදයක සිට ක්‍රියා පදයකට පරිවර්ථනය වීම මෙ අනව යුගයේ ස්වභාවය වෙනවා.
– Pubudu Siriwansa
මිනිස් හිසට උඩින් වන මේ වලාකුළු වලින් ඔබ්බට වන අපමන අවකාශය තරම් මිනිස් පරිකල්පනය අවධිකල යමක් මිනිස් කථාන්දරය තුල නැතුවා විය යුතුය. අනාගතයේ යම් දිනක ඔවුන් මේ පොලවට වන බැදීම් ඉක්මවමින් ඉගිලී යන්නට සමත් වනු ඇත. ඒ මිනිස් පරිකල්පනයෙන් ඔබ්බට වන ගමන බොහෝ මිනිස් ස්වභාවයන්ගෙන් සමුගැනීමක් වනු ඇත. මිනිස් මනසකට හමුවන විසිතුරුම අත්දැකීම එය වනු ඇත.
Pubudu Siriwansa
ඔනෑම ආයතන ආකෘතියක් දෙයාකාරයකට Digital කරනය විය හැක. පැරණි අකාරයේදී පැවතුන ආකෘතියක් හැකි සෑම ආකාරයටම Digital කරනයට ලක්කිරීම ලෙසට හඳුනා ගත හැක. අනෙක නම් මුල් ස්වභාවයෙන්ම එම ආකෘතිය Digital මිත්‍ර ස්වභාවයෙන් නිර්මාණයව තිබීමය.
Pubudu Siriwansa
සැබෑවනම් පරිගණකය යනු අසීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහි වන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුලට මෙන්ම සමජය තුලට ගෙන විත් ඇති මෙන්ම ගෙනෙන්නට සූදානම් වන භාවිතාවන් අපමනකි.
Pubudu Siriwansa
අපි මෙහෙම හිතුවොත්. නූතන මිනිසා පෘතුවිය මත වැඩිම සටහන් තබන්නට සමත්වන්නායි. දෙශපාලනික, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන් බොහෝ අලුත් නිර්වචන සමග සමග නෙක ආකාරයේ සටහන් තැබෙන්නට පටන් ගත් කාලයයි. හැබැයි කනගාටුදායකම කාරනය තමයි සංස්කෘතික ඇල්ගෝ එකක පාලනය අත්පත් කරගත් ජීවින් විශේෂයක් ලෙසට කාරනාව එතැනින් නතර නොවීම. ඒ කියන්නේ තවත් කාලයකින් දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික වේදනාව ආරම්භවීම. සරලව කිව්වොත් වැඩියෙන්ම අඩන්න වෙන්නේ සංස්කෘතික මෙන්ම දේශපාලනික අනන්‍යතා මත ජීවිත වටිනාකම් වැඩියෙන්ම තබා ගෙන සිටින්න පුරුදු වූවන්ට. තරංග ආකාර ගලායාමක දී එහි මධ්‍ය රේඛාව වාගේ නැවත නැවතත් භෞතිකය හමුවීම වලක්වන්නට අපට බැරි වෙනවා. පැමිනෙමින් තිබෙන තාක්ෂනික ඇල්ගොරිතම විසින් නිර්මාණය කරන පාලනයට ක්‍රමයෙන් එකගවීම ඒ වගේ කාරනාවක්. සමහර විටක ඔබේ ස්මාර්ට් දුරකතනයේ පලනයට ක්‍රමයෙන් ඔබ නතුවෙමින් තිබීම ගැන අසංවේධී වෙන්නට පුලුවන්. නැත්නම් තෝරා ගැනීමේ අවස්ථාව භාවිතකරමින් ගැලවී සිටිනවාද විය හැකියි. ඒක තාවකාලිකයි. තරමක් විසුළු ආකාරයට කාරනව කිව්වොත් අපේ ආදිතම මුතුන් මිත්තන්ගෙන් කොටසක් අවට ගහ වැලෙන්, සතුන්ගේ සමකින් සිරුර වසා ගන්නට කටයුතු කරන කොට සමහර වැඩි කොටසක්ම කියන්න ඇති මේ මොන විකාරයක්ද කියලා. ඒත් අපි අද දන්නවා වඩාත් සාර්ථක කවුද කියලා.
Pubudu Siriwansa