Google ආයතනය තම Android 15 වල ප්රථම developer preview එක නිකුත් අර තිබෙනවා. එම ආයතනය අවධාරණය කරන්නේ මෙම නිකුතුව සමග ප්රධාන දියුනු කිරීම් තුනක් වන බවයි. ඒ අතර security හා privacy වල දියුනු කිරීම්, අනෙකෙකු සමග device වල screen බෙදා හද ගැනීමකදී අවශය කොටසක් පමනක් තොරා ගැනීමේ හැකියාවක් පිලිබඳව කථාබස් කරන අතර Android Dynamic Performance Framework (ADPF) ඔස්සේ උපකරණය මත ධාවනය වන App වලට වැඩි performance එකක් ගෙනෙන්නට හැකි වන බව පවසනවා. එසේම Google පවසන්නේ උපාංගයේ කැමරාව භාවිතයට වැඩි දියුනු කිරිම් රාශියක් Android 15 සමග වන්නට නියමිත බවයි. තවමත් සීමිත උපාංග පරාසයකට වන නිකුතුවක් වන මෙම developer preview නිකුතුවෙන් අනතුරුව දෙවන නිකුතුවකින් පසුව පලමු public beta version එක පැමිනීමක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Android 15 වල අවසාන public version එක පැමිනීම 2024 අවසාන භාගයේ සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa