Microsoft පවසන්නේ තම මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය නිකුතුවට සුදනම් බවයි. ඔවුන් පවසන්නේ windows 11 සදහා සුදුසුකම් ලබා ඇති පරිගණක වෙත නව මෙහෙයුම් පද්ධතිය ලගාවීම ඔක්තෝබර 5 සිට සිදුවන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එලබෙන වසරේ මැද භාගය වන තෙක් මෙම උස්තල ගැන්වීම සිදුවන්නේ ක්‍රමාන කූලව බවයි. බොහෝ දෙනාගේ සිත් දිනාගත් කාරනාවක් වූ Android ඇප් සමග කටයුතු කිරීමේ හැකියව මෙම මුල් නිකුතුව සමග සමන්විත නොවුනු ඇති බවටත් නිවේදනය වී තිබෙනවා. සාමාන්‍ය වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති නිකුතුවලදී වූ සම්ප්‍රධායෙන් බැහැරව මෙවර නව මෙහෙයුම් පද්ධතිය සදහා වඩාත් ඉහල දෘඩාංග මට්ටමක අවශ්‍යතාවය මේ වන විටත් Microsoft ආයතනය නිවේදනය කොට තිබෙනවා.
Pubudu Siriwansa