070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

හානිකර බවින් මිදී සිටින්නට.

Posted on March 31, 2024March 31, 2024 by author Siriwansa

ඔබේ දුරකථනය මත හෝ පරිගණකය මතට හානිකර ස්ථාපනයට පලමුව වගකිව යුත්තා වන්නේ ඔබම වීම හදාරන්නන් වැඩියෙන්ම පෙන්වා දෙන්නට කැමති වන්නකි. නව උපාංගයක් මිළඳී ගෙන පලමු වරට සංක්‍රීය කිරීමේ සිටම අවධානයෙන් සිටීම මේ සදහා හොඳම විසදුම වනු ඇත. මක් නිසාද නව උපාංග වලට පවා නිකුතූන් මට්ටමින් ස්ථාපිතව එන සමහර මෘදුකංග කොටස් හානිකර ලෙසට හැසිරීම බහුලව දැකිය හැකි අත්දැකීමකි. දෙවන්න වන්නේ ඔබ ස්ථාපනයට සූදානම් වන මෘදුකාංග පිලිබඳ හොඳින් සොයා බැලීමයි. අනවශ්‍ය ලෙසට මෘදුකාංග ස්ථාපනය ඔස්සේ උපාංගයට වැඩි බරක් දීමේ සිට නෙක ආකාරයට ඒවා ට උපාංගය මත හැසිරෙන්නට අවසර දීම දක්වා පමනක් නොව නොව නියමිත මූලාංශ්‍ර වලින් අදාල මෘදුකාංග බාගත කර ගැනීමට වග බලා ගැනීම දක්වා වගකිම් රාශියක් එහි වේ. අනියම් ආකාරයට සංක්‍රිය කර එන මෘදුකාංග මෙන්ම සංක්‍රිය කරගන්නට සහය වන මෘදුකාංග කොටස් සමගද හානිය නොදැනුවත්ම ඔබගේ උපාංගයට ඇතුලුවීම බහුල අත්දැකීමකි.
Pubudu Siriwansa

Posted in digital lifestyles |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa