සමස්තය සරලව පවසන්නේ නම් මෙසේය. ඔබගෙන් ගිලිහෙන ජංගම දුරකථනය අංකය පිලිබඳව ඔබ සැල්කිලිමත් වීම වැදගත් වන්නේ ඒවා හිමි ආයතනයන් යම් කලකට පසුව මෙම අංක නැවත භවිතා කරන්නන් හට ලබා දීමෙන් අනතුරුව එවා ඔබට අවැඩක් සිදුවන ලෙසට භාවිතාවන්නට ද යම් අවස්ථාවක් ඉතිරි වන බැවිනි. මේ සංකීර්න දෛනික ජිවිතය පරිසරය තුල ඔබ එකකට වඩා ජංගම සබඳතා ගෙනෙන දත්ත උපකරන භාවිතා කිරීම බහුල අත්දැකීමක් වන අතර විටින් විට ඒවා භාවිතයෙන් ඉවත් වීමද සුලබය. මේවා අතරින් බොහොමයකට ඔබ වෙනම ජංගම දුරකඨන හෝ දත්ත සබඳතා එක කරගන්නට සිම් පතක් ලබා ගන්නා අතර සමහර අවස්ථාවලදී පෙර කී උපකරණ භාවිතයෙන් ඉවත් වන්නේ සිම්පත පිලිබඳව අවධානයකින් තොරවය. එම සිම්පත් නිකුත්කල ආයතනයන් කලකට පසුව අක්‍රියව පවතිනතම දුරකථන අංකයන් වෙනත් අයැකුට ලබා දෙන්නට කටයුතු කරන අතර බොහෝ විට එහි වන අනතුරක් වන්නේ ඔබගේ බැංකු, සමාජජාලා, ඊමේල් වැනි අධිආරක්ෂිත අවකාශ වලට එක් කර ඇති OTP වැනි සැකසුම් සදහා එම ආයතනයන් මෙකී දුරකථන අංකයන් භවිතා වන්නට ඉඩ තිබීමය. හදරන්නන් උපදෙස් දෙන්නේ මෙසේ එකකට වැඩි දුරකථන සබඳතාවයන් භාවිතා වන්නේ නම් සැලකිලිමත් විය යුත්තේ පෙර කි ආකාරයේ ඔබගේ අත පසුවීමක් ඔස්සේ පෙර කී ආකාරයේ ඔබගේ වටිනාකම් අවකශයකට යමෙකුට එබී බලන්නට මෙයින් ඉඩ සැලසෙන නිසාවෙනි.
Pubudu Siriwansa

