070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Wndows යාවත්කාලීන ගොනුවේ ප්‍රමානය අවම කිරීමක්.

Posted on April 25, 2024April 25, 2024 by author Siriwansa

Microsoft ආයතනය තම Windows 10 භාවිතා කරන්නන් Wndows 11 වෙතට කැඳවා ගන්නට මහත් උත්සාහයක යෙදෙමින් සිටී. එසේම එම ආයතනය October 2021 වලදී මුලින්ම පැවසූ පරිදි මෙම යාවත්කාලීන ගොනුවල download size එක අවම කරන්නට ගන්නා උත්සාහය පිලිබඳවද මෙවර නිකුතුවේදී අවධානය යොමු කර ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. මෙම සතියේ නිකුත්වූ Windows 10 22H2 නම් non-security preview update නිකුතුව සමග බාගත කරගතු ගොනුවේ ප්‍රමානය 650 MB දක්වා අඩු කරන්නට සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. මීට පෙර නිකුත්වූ Windows 11 සදහා වන Windows 11 update එකද 830 MB දක්වා අඩු කරන්නට එම ආයතනය සමත්ව තිබුනි. මේ වන විටත් Microsoft ආයතනයේ ස්ථාවරය වෙමින් ඇත්තේ windows 10 සදහා වන අවසන් යාවත්කාලීනය October 14, 2025 වන දිනට නියමිත බවකි. එසේම දැනටමත් එම අයතනය පවසන්නේ ඉන් ඉදිරියය යම් ගෙවීමක් සමග ව්‍යාපාරික මෙන්ම පෞද්ගලික භාවිතාවන් සදහා ආරක්ෂක යාවත්කාලීන නිකුත් කරන බවයි.
Pubudu Siriwansa

Posted in Microsoft, update |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa