Microsoft ආයතනය නිවේදනය කරන්නේ Windows 11 2024 Update නිකුතුව මේ වන විට සාමාන්‍ය භාවිතාව සදහා මුද අහැර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ සදහා සුදුසු මට්ටමේ උපාංග වෙතට Settings > Windows Update > “Get the latest updates as soon as they’re available ඔස්සේ පිවිස බාගත කරගන්නට හැකි වන බවකි. මෙම සංස්කරණය වඩාත් AI මිත්‍ර එකක් ලෙසට දැනටමත් එම ආයතනය පැහැදිලි කර ඇති අතර මිහිමත බහුලවම භාවිතාවන මෙහෙයුම් පද්ධති වල AI යුගයට පිවිසීම සංකේතවත් කරන්නක් ලෙසට නිර්වචනය වෙමින් තිබෙනවා. මෙම Windows 11 version 24H2 ලබා ගැනීම සදහා ඔබේ පරිගණකය දැනටමත් May 2024 non-security preview update හෝ ඉහල මට්ටමක යාවත්කාලිනව තිබෙන්නට අවශ්‍ය වන අතර HDR wallpaper support, Wi-Fi 7 support, reworked battery saver වැනි අංගයන් රාශියක් මෙම් නව සංස්කරණය සමග වන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa

