ප්‍රකට non-profit digital library එකක් ලෙසට සැලකෙන The Internet Archive වෙතට සිදුවූ සයිබර් ප්‍රහාරයක් හමුවේ 31 million භාවිතාකරන්නන් පිරිසකගේ දත්ත නිරාවරනයක් සිදුව ඇති බවට මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. පසුගිය දා සැදෑවකදී සිට archive.org වෙබ් අඩවිය වෙතට පිවිසෙන්නන් හට pop-up message එකකින් පවසා සිටියේ එම වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයක් යටතේ තිබෙන බව වූ අතර 31 million භාවිතා කරන්නන් ගේ තොරතුරු නිරාවරනය වීමක් ගැනද පවසා තිබුන බවට වාර්ථා වූවා. හදාරන්නන් පෙන්වා දෙන්නේ HIBP database වෙතට පැමින ඇති තොරතුරු email addresses, screen names, bcrypt-hashed passwords ආදිය වන බව වන අතර ඔවුන් පෙන්වා දෙන්නේ නවතම දත්ත ගොනු වල පසුගිය මාසයේ සිදුවූ දත්ත පැහැරගැනීමේ සිදුවීමෙන් පැමිනි තොරතුරු සමස්ථයෙන් භාගයකට ආසන්නයක් ද වන බවයි. The Internet Archive දෙසින් වාර්ථා වන්නේ DDoS attack එකක් සිදුවූ බව පමනක් වන අතර වැඩි දුර තොරතුරු එහි සදහන් වන්නේ නැත. මෙ වන විට එම වෙබ් අඩවිය නැවත යතා තත්වයට පැමින ඇති අතර භාවිතාකරන්නන් වෙතට උපදෙස් ලැබෙන්නේ තම ගිණුම් වල ආරක්ශිත තොරතුරු යාවත්කාලීන කරන ලෙසයි.
Pubudu Siriwnsa

