Facebook ආයතනය පසුගියදා ultra-secure messaging system එකක් වෙතට අවධානය යොමුකල අතර ඔවුන්ගේ හඳුනාදීම ගැන නෙක මත පලවෙමින් තිබෙනවා. විශේෂයෙන් UK රජය මෙන්ම British public වලින්ද මේ පිලිබඳව අප්‍රසාදය පල වෙමින් ඇත්තේ විශේෂයෙන් දරුපරපුර සදහා මෙම ආරක්ෂිත සබඳතාවයන් අනාරක්ශිත බවක් කැඳවන්නට වන ඉඩ පිලිබඳව සලකමින් ය. එරට පමනක් නොව Australia, Canada, New Zealand, United States, India හා Japan ඇතුලු බොහෝ රටවල් මෙන්ම සංවිධානද මේ සදහා තම විරෝධය පලකරමින් සිටින බවට කියවෙනවා. කරුනු එසේ වෙත්ම WhatsApp, iMessage නැතිනම් Signal වැනි සේවාවන් පිලිබඳව ලොවපුරා බිලියන ගනනක භාවිතාකරන්නන් ප්‍රසාදය පලකරන්නේ end-to-end encryption ඔස්සේ තම පෞද්ගලිකත්වය ආරක්ශා වන බව පවසමිනි.
Pubudu Siriwansa
Pariganakaya.Com