පසුගිය September 13 දා iPhone 16 series නිවේදනය කල අතර September 20 දා සිට එය වෙළඳ පොල වෙතට නිකුතුව සිදුවන ලදී. සුපුරුදු පරිදි මෙවරද Apple Stores අසල Apple දුරකථන ලෝලයන් පෙල ගැසී නව නිකුතුව මුලින්ම අත්විඳින්නට සූදානම්ව සිටි බවටයි වාර්ථා වූවේ. මේ අතර Apple CEO වරයා හමුවකදී පවසා තිබුනේ නවතම iPhone models නිකුතුවේදී තමන්ගේ වඩාත් අවධානය ලබා ගන්නා කාරනය වන්නේ එලබෙන මාසයේ එන්නට නියමිත Apple Intelligence අංගය බවයි. මෙම Apple Intelligence features අතර Clean Up photo tool, writing tools, emails summarization ඇතුළු අංගයන් රාශියක් වන බවට පැහැදිලි කෙරෙමින් පවතිනවා. මෙවායින් සමහර අංගයන් iPhone 16 වලට පමනක් සීමා නොවන බවට ද දැනටමත් නිවේදනය කොට තිබෙනවා.
Pubudu Siriwansa

