070 6006 404

DIGITAL SECURITY

DIGITAL MARKETING

DIGITAL LIFESTYLE

PARIGANAKAYA – Digital awareness program

Pariganakaya.LK is more than just a technology news site. It’s a platform for exploring the impact and implications of the ever-evolving tech landscape. Dive deeper into its content, and you’ll discover a community dedicated to discussing the direction and future of technology in our daily lives.

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත.
– Pubudu Siriwansa

අප අවට ශ්‍රව්‍ය දෘශ්‍ය දෑ ද්වීතීකකරනය පලමු යුගය වන විට දෙවන යුගය වූවේ අප අවට ක්‍රියාකාරකම් ද්ව්තීකකරනය විමයි. තෙවන යුගය වඩාත් තීරනාත්මක බව කියවෙන්නේ ඒ යුගයේදී සිදුවන ප්‍රධානතම සිදුවීම නම් අප අවට ක්‍රියාකාරකම් වල ව්‍යුහය තීර්නයකරන්නට එයට හැකිවීමයි. වෙනසක් නොහැගෙන තරම් සාර්ථකව එය කරන්නට හැකිවීමයි. එම යුගයට අප AI යුගය ලෙසට නම් කරමින් සිටිනවා.

Pubudu Siriwansa

AI කියන්නේ යාන්ත්‍රික බවෙන් මිදෙන්න හදන තවත් යාන්ත්‍රික බවක්. එය තීරනාත්මක යාන්ත්‍රික බවක් වන්නේ එතැනින්. එය ගැන පෙර නිගමන අපහසු වන්නේ එතෙනින්. ඇත්ත ඒක යාන්ත්‍රික බව නැවත නැවත විමසන මෘදුයන්ත්‍රනයක් වන බව එය විසින්ම දැනටමත් පැහැදිලි කර දී අවසන්.
Pubudu Siriwansa

තොරතුරු ලේයරය මිනිස් ආකෘතිය පුලුල්ව සංශෝදනය කර ඇත. එය ඔහුගේ සංවේදන හැකියාවේ සිට සංනිවේදන හැකියාව දක්වා සමස්තය අනන්තය දක්වා විහිදෙන්නට සූදානම් වෙමින් සිටී.