070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

ආරක්ශක මෘදුකාංග හා භාවිතාව.

Posted on March 13, 2024March 13, 2024 by author Siriwansa

එක් දෙසකින් ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපිතව යහපත් යාවත්කාලීන වාතාවරනයක් ඔස්සේ පවත්වාගෙන යාම තව දුරටත් තේරීමක් නොව අනිවාර්ය අවශයතාවයකි. මේ වන විට මෙහෙයුම් පද්ධති හැම එකක් සමගම පාහේ සංයුත්ත ආරක්ශක මෘදුකාංගයක් ‍රැගෙන ඒම මෙන්ම මෙහෙයුම් පද්ධති මෘදුකාංග වල මෙන්ම අනෙකුත් මුදුකාංග ආරක්ශාව පිලිබඳව කවරදාටත් වඩා අවධනයෙන් සිටින්නට හා කලින් කලට ආරක්ශක යාවත්කාලීන නිකුතු කරන්නට කටයුතු කරමින් සිටී. සියල්ල වඩාත් සැකසුරුවම්ව මෙසේ සිදුවෙද්දී පවා හදාරන්නන් පෙන්වා දෙන්නේ තව දුරටත් ආරක්ශක මෘදුකාංග ඔස්සේ හානිකර ඉවත්කිරීම අතිශය අපහසු සංකීර්ණ අපහසු දෙයක් බවට පත්වෙමින් තිබෙන බවකි.
වඩාත් සංවේධී පරිසරලවල භාවිතාවන PC සදහා බහුලව ලැබෙන උපදෙසක් වන්නේ, ආසාධිත පරිගණකය වෙනම ජාලයන්ගෙන් ඉවත්ව තබන්නටත් තවත් විටකදී operating system එක සම්පූර්නයෙන් නැවත ස්ථාපනයටත් වේ. පෙර කාලයන්දී මෙන් නොව හානිකරයන් ආකාර කිහිපයක් ගන්නා හැසිරීම් ‍රැගෙන විත් ආරක්ශක මෘදුකාංග දක්ශ ලෙස මග හරින්නට සමත් වෙමින් තිබේ.
Windows Defender මේ වන විට ආරම්භක අවදිය හා සැසදීමදී වඩත් ප්‍රසස්ථ සාර්ථකත්වය දක්වමින් සිටින අතර වඩාත් සංවේධී ආකරයේ භාවිතාකරන්නන් හැරුනු විට අනෙකුන් සදහා සාර්ථක විසඳුමක් වෙමින් තිබේ. Zero-day vulnerabilities තවත් අතකින් ප්‍රධාන අභියෝගයක් වෙමින් තිබෙන බව පවසන හදාරන්නන් තවත් විටක ආරක්ශක මෘදුකාංග සමග එන VPN වැනි පහසුකම් ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරාගෙන අලවි කරන බවට චෝදනා කර සිටී.
Pubudu Siriwansa

Posted in digital lifestyles, Security |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa