070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

සමහර Browser Extensions හානිකර විය හැක.

Posted on March 13, 2024March 13, 2024 by author Siriwansa

Browser extensions යනු බොහෝ විට web browser සමග කටයුතු කරන විට හමුවන්නකි. එයට අදාල කාර්යභාරය වන්නේ ඔබගේ web browserය විසින් ගෙනෙන හැකියාවන් වලින් ඔබ්බට වන හැකියාවන් web browser වෙතට ‍රැගෙන ඒමය. මේවා ගෙනෙන හැකියාවන් විවිධ විය හැකි අතර ඒව අතර saving passwords, translating web pages, capturing screenshots වැනි නෙක ආකාර විය හැක. කෙසේ වෙතත් මේවා විසින් ඔබ වෙතට ගෙනෙන්නට හැකි හානිකරමය අවථාද නැතුවාම නොවේ. එයට Data Collection අවස්ථාව ඇති අතර විටක ඒවා ඔබට ආනිකර ලෙසට භාවිතාවිය හැක. Phishing වැනි අවස්ථා තත්වය වඩාත් හානිකර කරවන්නට හැක. ඔබගේ වසරපද වල සිට credit card numbers ලබා ගැනීම වැනි අවස්ථා දක්වාම මේවා සංකීර්ණ විය හැක. තවත් විටක Adware ඔස්සේ අනවශ්‍ය ලෙසට ඔබට වෙළඳ දැන්වීම් ගෙනෙන අවස්ථා බහුලය. විටක මේවා ඔබට බලහත්කාර pop-ups දක්වා ඉදිරියට පැමිනිය හැක.
තවත් හානිකර අවස්ථාවක් Browser Hijacking ලෙසට නම් වේ. ප්බගේ බ්‍රවුසරයේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් කරන්නට මේවා කටයුතු කල හැක. අවසානයේ homepage එක වෙනස් කිරීම, search engine වෙනස් කිරීමේ සිට ඔබ වෙනස්ම වෙබ් අඩවි වෙතට ගෙන යාම දක්වා අවස්ථාවල් වේ. විටාක තව තවත් අනවසරයෙන් ස්ථාපනය වන extensions, add-ons විසින් මෙම hijack හානිය වඩාත් සංකීර්න ගැටළු දක්වා ඔබව ගෙන යනු ඇත. Crypto Mining තවත් මෙවන හානිකර අවස්ථාවක් වන අතර ඔබගේ පරිගණකයේ Processing හැකියාව digital currency නිර්මාණයට මෙහිදී භාවිතාවීම සිදුවේ.
Pubudu Siriwansa

Posted in Browser | Tagged Browser Extensions |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa