070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Posted on May 18, 2024May 18, 2024 by author Siriwansa

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී මේ බව පවසමින් ඔවුන් පැහැදිලි කර සිටින්නේ එපමනක් නොව නව ටූලය developers වෙතටද හානිකර පිලිබඳව අනතුරු අගවමින් සහය දක්වන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවකි. Google දැනටමත් පවසා ඇත්තේ Android 15 සමග ආරක්ශිත බව ඉහල නංවන අංග කිහිපයක්ම සංයුත්තව එවන්නට තමන් කටයුතු කරන බවකි. විශේෂයෙන් banking trojans, spyware වැනි හානිකර අංග පිලිබඳව මෙහිදී අවධාරනය කර ඇත. දුරකථන වෙතට පැමිනෙන messages / notifications වලින් තොරතුරු සොරා ගැනීම බහුල අවධානයක් දිනා ඇති ක්‍රමයක් වන අතර සමහර Android malware සමගින් Google Authenticator වලින්ද MFA codes සොර ගැනීම් වාර්ථා වෙමින් තිබේ. මීට අමතරව භාවිතා කරන්නන් නොමග යවමින් ලබා ගන්නා permissions සදහාද බධා පමුනවන්නට ද එම අයතනය වැඩි පියවර ගනිමින් සිටී. නව අංගයක් වන Google Play Protect live threat detection ඔස්සේ AI මූලික සහයක්ද ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa

Posted in Android |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa