Windows 11 පිලිබඳව හදාරන්නන් ගේ මතය වන්නේ කෙමෙන් වැඩි භවිතවක් කරා යමින් තිබෙන්නක් බවය. එක් අතකින් එය ගෙනැවිත් ඇති ඉහල දෘඩාංග අවශ්‍යතා එක් දෙසකින් මෙම වෙගය දුර්වල කරවන සාධකයක් ව ඇති අතර තව අතකින් විකල්ප වන මීට පෙර windows සංස්කරන වෙතට Microsoft සහය දැක්වීම අවසන් වෙමින් තිබීම භාවිතාවට පිවිසීම සදහා යම් බල කිරීමක් කරමින් සිටී. මේ අතර Windows 11 වල මීලග ප්‍රධාන යාවත්කාලීනයක් Microsoft ආයතනය මේ වන විට නිවේදනය කර ඇති අතර Windows 11 version 24H2 (2024 Update) ලෙසට නම් ව එය පෙර නිකුතුවල් ලෙසට පවතින අහර ඉදිරි මෑත කාලයේ සාමාන්‍ය භවිතාවට එන්නට සූදානම් ව ඇති බවට විස්වාස කෙරෙනව. මෙම සංස්කරණය ගැන වන ප්‍රමුක අදහස වන්නේ එය වඩාත් AI මිත්‍ර වන්නට නියමිත බව වන අතර එය Windows Copilot වල සිට මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තරය දෙසට නෙක ලේයර වලට සංයුත්ත වන්නට කටයුතු කරමින් සිටිනවා. ආසන්නව AI මොඩල ආකාර 40 ක් පමන මේ වන විට හදාරන්නන්ගේ අවධානය ලබා ගෙන ඇති බවක් පෙනෙමින් තිබෙනවා. මේව අත්ර Screen Region Detector, Optical Character Recognizer, Natural Language Parser, Image Encoder වැනි ආකාර රශියක් වන බවට පැහැදිලි කෙරෙමින් තිබෙනවා.
Pubudu Siriwansa

