070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

වඩාත් AI මිත්‍ර win 11 ගැන Dell ඉගිකරයි.

Posted on December 28, 2023December 28, 2023 by author Siriwansa

Dell ඉගි කරමින් සිටින්නේ Windows 11 වල දැනට භාවිතාවෙමින් ඇති Copilot යනු Ai පැමිනීමේ එක් පරිච්ඡේදයක් පමනක් වනු ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ එලබෙන සංස්කරණ සමග Windows 11 සමග Microsoft Copilot විසින් තම system වල හෝ app වල ගැටළු ස්වයංව හඳුනා ගන්නට හා සකසන්නට සූදානම් ව පැමිනෙනු ඇති බවකි. මේ අනූව සංක්‍රියව තබා ඔබ පරිගණකයෙන් දුරස්ථව සිටියද එය ස්වංක්‍රීයව පැමිනෙන අභ්‍යන්තර ගැටළු හඳුනා ගෙන නිවැරදි කරගන්නට සමත් වනු ඇත. උදාහරණයක් ලෙසට ඔබගේ පරිගණකය Wi-Fi සමග සම්බඳ වීමට අසමත් වන විට network settings වෙනස් කර උත්සාහ කරන්නට නැතිනම් troubleshooter සංක්‍රිය කර ගැටළුව සකසා ගන්නට පමනක් නොව පරිගණකය ඒ මොහොතේ වන පරිසරයට අනූව අවශ්‍ය සැකසුම් ස්වංක්‍රීයව සකසා ගන්නට කටයුතු කරන ඇත. Dell අවධාරණය කරන්නේ මෙම ප්‍රවනතා බොහෝ විට 2024 තුල පැමිනෙන්නට නියමිත බවකි.
Pubudu Siriwansa

Posted in AI, windows 11 | Tagged Copilot |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa