070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

“X” වෙතින් SmartTV දෙසට පියවරක්.

Posted on March 9, 2024March 9, 2024 by author Siriwansa

X (Twitter) භාවිතාකරන්නන් හට තම smart TV ඔස්සේ දිගු videos නරබන්නට හැකි වනු ඇති බවටයි එහි නව හිමිත්වය එනම් Elon Musk පවසා සිටින්නේ. ආයතනය විසින් නිකුත් කරන්නට සූදානම් ව තිබෙන smart TV app එකක් ඔස්සේ Samsung සහ Amazon TV වලින් මෙම පහසුව ලැබෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එය Google විසින් නිකුත් කරෑති YouTube වලට සමාන එකක් වනු ඇති බවටද පැහැදිලි කෙරෙනවා.මෙම ප්‍රකට social media platform එක සදහා smart TV ඉලක්ක වන app එකක් පිලිබඳව දැනට වසරක් පුරා කථා බහ වෙමින් තුබුන අතර වරින් වර X වෙතින් video-first ආකාරයේ වෙනස් කම් කිහිපයක්ම ගෙනෙමින් අත්හදා බලන්නට කටයුතු කර තිබුනා. තම සමකාලීන සමාජ ජාලා සමග තරගකාරී වන්නට නෙක ආකාරයේ උත්සාහයන් රාශියක් X විසින් ගනිමින් සිටින අතර සමස්ථයක් ලෙසට එහි හිමිත්වය නිර්වචනය කර තිබුනේ “Everything app.” එකක් දෙසට චලනය වන්නට තමන්ට අවශ්‍යව ඇති බවයි.
Pubudu Siriwansa

Posted in Twitter | Tagged smart TV, X |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa