070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Windows 11 භාවිතාව ක්‍රමයෙන් ඉහලට.

Posted on March 3, 2024March 3, 2024 by author Siriwansa

Statcounter වාර්ථාවලට අනූව Windows 11 භාවිතාව February වලදී වඩාත් වර්ධනය වී ඇති බවටයි කිය වෙන්නේ. එය සමස්ථ භාවිතා වෙන් 28.18% ලෙසටත්, January 2024 වලට සාපේක්ෂව 0.35 ලෙසට මෙන්ම පසුගිය වසර සමග සැසඳීමේදී 9.05 ක ඉහල යාමක් ලෙසට සටහන් වෙමින් තිබෙනවා. මෙය Windows 10 සමග සැසඳීමේදී තරම් ඉහල අගයක් නොගත්තද Microsoft ආයතනය තම Windows 11 භවිතය පැමිනීම වේගවත්ව තබා ගන්නට වැඩි කැපවීමක් ඉල්ලා සිටින බවටද හා කටයුතු කරනු ඇති බවට අනුමාන වෙමින් තිබෙනවා. සුදුසුකම් ඇති පරිගණක සදහා Windows 11 තවමත් optional update එකක් ලෙසටයි පවතින්නේ. Windows 11 සදහා වන “2024 Update” නිකුතුව මෙම වසරේ අවසාන භාගයේදී පැමිනීම බලාපොරොත්තුවන අතර February 28, 2024 වන විට එනම් මේ වන විටත් “Moment 5” යාවත්කාලීනය නිකුත්ව තිබෙනවා. දැනටමත් ප්‍රකාශයට පත්ව තිබෙන්නේ Windows 11 ඉදිරි සංස්කරණ වඩාත් AI මිත්‍ර ඒවා වන්නට සැලසුම තිබෙන බව වන අතර පරිගණක නිෂ්පාදකයින්ද තම ඉදිරි නිකුතූන් වලට මේ බව සංයුත්ත වන්නට නියමිත බවට දැනටමත් පවසමින් සිටිනවා.
Pubudu Siriwansa

Posted in Microsoft, windows 11 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa