2015 දී Microsoft ආයතනය Windows 10 නිකුත් කරමින් පවසා සිටියේ එය Windows වල අවසන් ප්‍රධාන සංස්කරණය බවත් එය කාලෙන් කාලයට ප්‍රධාන යාවත්කාලීනයන් සමග ඉදිරියට යනු ඇති බවයි. එසේ මුත් 2021 June 24 වන විට එම ආයතනය පවසා සිටියේ තමන් නව Windows මෙහෙයුම් පද්ධති සංස්කරණයකට යන්න සූදානම් බවත් එය Windows 11 වනු ඇති බවකි. එසේම මේ වන විට පැමිනි තවත් පුවතක් පැහැදිලි කර සිටියේ windows වල සාම්ප්‍රධායික ක්‍රමයෙන් බැහැරව වේගවත් යාවත්කලීන නිකුතුවකට සූදානම් ද වන බවකි. Microsoft ආයතනය 2019 වන විට Windows 10X නම් සංස්කරණයක පැමිනීමක් නිවේදනය කල මුත් එය පසුව යටපත් වූ අතර June 2, 2021 වන විට එම ආයතනය පවසා සිටියේ තමන් ඉදිරි කාලය තුලදී නව මෙහෙයුම් පද්ධතියක් නිකුතුවට වට සූදානම් බවකි. ඒඅනූව June 24 වන විට එම ආයතනය windows 11 නිකුතුවට කටයුතු කරන ලදී.
Pubudu Siriwansa