070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Win 11 වල File Explorer අනවසර විවෘත වීමේ ගැටළුව අවසන්.

Updated on December 24, 2023December 24, 2023 by author Siriwansa

Windows 11 භාවිතාකරන්නන් අතරින් සමහරෙක් සදහා ගැටළුවක් ව තිබූ අසාමාන්‍ය ලෙසට File Explorer විවෘතවීමේ ගැටළුව මේ වන විට පිලිසකර කර ඇති බවටයි නිවේදනය වන්නේ. වසරකට වඩා වැඩි කාලයක් මෙම ගැටළුව වූ අතර බහුලවම මෙම ගැටළුව වාර්ථා වීම Windows 11 Moment 2 නිකුතුවත් සමග සිදුවූවා. මෙම File Explorer automatically විවෘතවීමේ ගැටළුව ඉදිරිපත් කිරීමක් කරන අවථාවලදී පවා සිදුවෙමින් භවිතාකරන්නන් මහත් අපහසුතාවයට පත් කල අතර December 2023 update (KB5033375) නිකුතුවත් සමග පිලිසකර කල බවට Microsoft ආයතනය පැහැදිලි කර සිටිනවා. සමහර භවිතා කරන්නන් තම මෙහෙයුම් පද්ධති වෙනස් කිරීමක් දක්වා කැඳවා යන්නට තරම් මෙම ගැටළුව බලපාමින් තිබූ බවටයි වාර්ථා වූවේ.
Pubudu Siriwansa

Posted in Microsoft, windows 11 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa