Windows 11 වෙතට පැමිනි නවතම feature update එක වූවේ version 24H2 වූ අතර එම යාවත්කාලීනය ස්ථාපනයෙන් අනතුරුව Windows Update Cleanup නොහැකියාවක් නිසා බොහෝ භාවිතාකරන්නන් හට free up space ගැටළුවක් ඇතිවී තිබිනි. මෙය 8.63GB අවකාශයක් සදහා බලපාන ලද ගැටළුවක් විය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී ගන්න විසඳුම වූ Disk Cleanup මෙහිදී සාර්ථක නොවූ බවටයි බොහෝ භාවිතාකරන්නන් ගෙ අත්දැකීම ලෙසට සටහන් වී තිබුනේ. කෙසේ වෙතත් මේ වන විට පිලි ගැනෙමින් ඇත්තේ මෙය bug එකක් නොව Microsoft විසින් Windows 11 24H2 / Server 2025 වල සිට හඳුන්වා දෙන Windows cumulative update ක්‍රම වේදයක ප්‍රතිපලයක් වන අතර එම “Checkpoint Cumulative updates” (CCU), නිසා සම්පූර්ණ විශාල යාවත්කාලීන ගොනුවක් වෙනුවට මීලග යාවත්කාලීනය ප්‍රමානයෙන් කුඩා එකක් කරගන්නට අවශ්‍ය පරිසරය මේ තුලින් ලැබෙන බවයි.
Pubudu Siriwansa

