Microsoft සමාගම වෙතට මෑතකාලීනව එල්ල වූ චෝදනාවක් වූවේ Microsoft Edge විසින් අනෙකුත් බ්‍රවුසර වන Chrome, Firefox වැනි ඒවායෙන් open tabs, favorites ආකාරයේ දත්ත අනවසරයෙන් ලබා ගන්නා බවකි. ඔවුන් චෝදනා කරමින් සිටියේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව හා අවසරයකින් තොරව මෙම දත්ත ලබා ගන්නා බවටයි ඔවුන් පැහැදිලි කර සිටියේ. Microsoft සමාගම මේ පිලිබඳව කිසිදු ප්‍රකාශයක් නොකල අතර මේ වන විට සිදුව ඇති Microsoft Edge 121.0.2277.128 නිකුතුව ඔස්සේ ඒ සදහා පිලිසකරයක් නිකුත් කර ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. භාවිතාකරන්නන් අතරින් මේ පිලිබඳව චෝදනා එල්ලවූ අතර Edge විසින් මෙම ලබා ගන්නා තොරතුරු සමග ස්වයංව සංක්‍රියවීමේ ප්රවනතාවක් පිලිබඳව චෝදනා කර තිබිනි.
Pubudu Siriwansa