හදාරන්නන් පවසන්නේ “Sextortion” යනු බහුල වෙමින් ඇති සයිබර් අපරාධයක් බවයි. ඔවුන් පැහැහිලි කරන්නේ බොහෝ විටදී වින්දිතයන් සමග කුලුපගවී ඔවුන් වෙතින්ම ලබා ගන්නා අතිශය පෞද්ගලික තොරතුරු පසුව ඔවුන්ට එරෙහිව යොදා ගනිමින් නෙක අකටයුතුකම් වෙතට බලපෑමක් කරන්නට හෝ මුදල් ලබා ගන්නට මෙම අපරාධකරුවන් කටයුතු කරන බවයි. මෙම තර්ජන අතර එම තොරතුරු අන්තර්ජාලය මත ප්‍රසිද්ධ කරන බවට හෝ හිතවතුන් හිතවතියන් අතර බෙදාහරින බවට වන තර්ජන අවස්ථා බහුල බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම වින්දිතයන් සමහර විටක දීර්ග පීඩනයට ලක්වීම ඔස්සේ සංකීර්න මානසික අපහසුතා වලට ලක්වන බවත් පෙන්ව දෙන අතර අන්තර්ජාලය මතදී තොරතුරු බෙදා හදා ගැනීමේදී කල්පනා කාරී වීමත් හැක්වීම වැනි අවස්ථා වලින් තම සයිබර් අනන්‍යතා රැකගැනීමට අවධානය යොමුකිරීමක් වැදගත් බවට පැහැදිලි කර සිටිනවා.
Pubudu Siriwansa

cyber-criminal
Tagged Sextortion
