070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Email භාවිතයේදී…

Posted on April 13, 2024April 13, 2024 by author Siriwansa

අන්තර්ජාලය මත වන බහුලතම භාවිතාවක් ලෙසට පිලිගැනේ. මීට වසර 30 කට පමන පෙර කථාවක් ඇති ඊමේල් භාවිතාව වෙතට Hotmail හඳුන්වා දෙන ලදී. 1997 වන විට ලොව පුරා personal email account ආසන්නව මිලියන 10 වූ බවට වාර්ථා වන අතර 2026 වන විට 4.26 billion වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. මෙසේ බහුල භාවිතය මෙන්ම පෞද්ගලික තොරතුරු සංයුත්ත වීමේ ස්වභාවය නිසාම එය බහුලවම සයිබර් පහර දෙන්නන්ගේද ‍තෝතැන්නක් ව ඇත. සරලව තත්වය පහදන්නේ නම් වෙබ් අවකාශය මතට එහි යන එන සියල්ලෝටම තබන්නට වන පලමු පෞද්ගලික සටහන ඊමේලය ලෙසට පිලි ගැනේ. Data breaches වල පහසුම ගොදුරක් වන්නේ මේ නිසා විය යුතුය.
බොහෝ විට ඊමේල් භාවිතාවෙදී හමුවන පලමු දුර්වල අවස්ථාවක් ලෙසට පිලිගැනෙන්නේ අත් හැරුනු ඉමේල් ලිපින වේ. ඔබ ගැන වන අවම හෝ තොරතුරු ගොනුවක් සමග ඒවා පහසුවෙන් පහර දෙන්නන් අතට පත්විම සිදුවිය හැක. ඒවා ඔස්සේ ඔබ ගැන නව උපකල්පන වලට යන්නටද මේවායොන්ද අවස්ථාවක් වේ. ඒවා අතර එකම අවසර පදය නැවත නැවත භාවිතය වේ. ඔබ භාවිතයේ නොගන්නේ නම් එම email මකා දැමීම පලමු උපදෙසක් වේ. සමාන අවසර පද නැවත නැවත භාවිතා නොකිරීම මෙන්ම ආරක්ශිත බව හොඳින් සංයුත්ත කර එවන ඊමේල් සේවාව සපයන්නෙකු ගෙන් එම සේවය ලබා ගැනීම ද ඉතා වැදගත්ය. නන්නාදුනන ඊමේල් විවෘත නොකිරීම මෙන්ම ඒවායේ වන Link විවෘත නොකිරීම ඉතාම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa

Posted in Email, Security |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa