070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Chrome web browser වෙතට තවත් ආරක්ෂිත බව.

Updated on December 23, 2023December 22, 2023 by author Siriwansa

ඔබගේ පරිගණකයේ ස්ථාපිතව ඇති browser ය බෙහෙවින් පහර දෙන්නන්ගේ ඉලක්ක වන්නකි. Google ආයතනය තම Chrome web browser ය පිලිබඳව වන නවතම නිවේදනයකින් පවසන්නේ එහි පසුබිමින් නිරන්තරයෙන් ධාවනය වන Safety Check feature ඔස්සේ වඩාත් සුරක්ෂිත සෙවුමක් ගෙනෙන්නට තමන් සූදානම් බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Chrome සමග පසුබිමින් ස්වංක්‍රීයව ධාවනය වන මෙම අංගයන් ඔස්සේ එහි ගබඩා කර ඇති අවසර පද පිලිබඳව, extensions පිලිබඳව, Chrome වල නිවැරදි සංස්කරණය පිලිබඳව අවධානය පමනක් නොව වෙබ් අඩවි විසින් ඉල්ලා සිටින අවසරයන් ගැන පවා දැන් වඩාත් අවධානයෙන් සිටින්නට සූදානම් බවකි. එසේම 2024 මුල්භාගයේදී තම බ්‍රවුසරය වෙතට වඩාත් ආරක්ෂිත බව තහවුරු කරන අංගයන් කිහිපයක් සැකසෙමින් තිබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ
Pubudu Siriwansa

Posted in Chrome, Google, Security |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa