070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Android භාවිතාකරන්නන් හට XLoader මැල්වෙයාව ගැන අනතුරු ඇඟවේ.

Posted on February 29, 2024February 29, 2024 by author Siriwansa

ANDROID භාවිතාකරන්නන් වෙතට නිකුත් වෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ XLoader නම් malware ව පිලිබඬව සැලකිලිමත් වන ලෙසයි. එය සාර්ථක ව උපාංගයක ස්ථාපනයෙන් පසුව ව්‍යාජව Google Chrome ලෙසට පෙනී සිටිමින් භාවිතාකරන්නන්ගේ දත්ත සොරා ගැනීමට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් පවසන්නේ මෙම හානිකරය දැනට United States, United Kingdom, Germany, France, Japan, South Korea, Taiwan වැනි රටවලින් වාර්ථා වෙමින් ඇති බවකි. වැඩි දුරටත් NewsBytes පවසන්නේ එය SMS text messages ලෙසට පැතිරීම කරගනිමින් සිටින බවත් , එම සංයුත්තව පැමිනෙන shortened URL link එක භාවිතා කරන්නා අතින් සංක්‍රිය (clicked) වීමකින් අනතුරුව ස්ථාපනයට කටයුතු වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම malware විසින් භාවිතාකරන්නන්ගෙන් ලබා ගන්නා access අවසරයන් ඔස්සේ ක්‍රියා කරමින් එහි වන photos, messages, contacts, IMEI numbers ආදිය සොරා ගන්නා අතර උපදෙස් ලැබෙන්නේ Android සමග default මට්ටමින් පැමිනෙන Google Play Protect නම් App එක ඔස්සේ මෙම හනිකරය සාර්ථව පාලනයට හැකි බවකි.
නිතරම උපාංගය updated මට්ටමින් තබා ගැනීමත්, unofficial ආකාරයේ app ස්ථාපනයෙන් වැලකී සිටීමත්, සැකසහිත වෙබ් අඩවි මග හැරීමත් මෙන්ම අවසානයේ හොඳ මට්ටමක antivirus එකක් ස්ථාපනය කර පවත්වාගෙන යාමත් වැදගත් වනු ඇති බවට පැවසෙනවා.
Pubudu Siriwansa

Posted in Android, Malware | Tagged XLoader |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa