Windows 11 version 24H2 (2024 Update) එනම් Windows 11 මීලග ප්‍රධාන යාවත්කාලීනය පිලිබඳව ඇත්තේ ප්‍රමුක අවධානයකි. සාමාන්‍ය ලෙස බලාපොරොත්තු වූවාට වඩා මද විරාමයකින් අනතුරුව එන්නට සූදානම් වන මෙම නිකුතුව සාම්ප්‍රධායිකව යාවත්කාලීන එකතුවකට වඩා වැඩි අවධානයක් ලබා ගෙන ඇත්තේ එහි සංයුත්ත වන්නට නියමිත AI මිත්‍ර අංගයන් 40 කට වඩා වැඩි ප්‍රමානයක් ගැන මේ වන විටත් ප්‍රකාශයට පත්ව තිබෙන නිසා වෙනි. නව Windows Copilot Runtime එනම් පදනම් මට්ටමින්ම නව මෙහෙයුම් පද්ධතිය AI මිත්‍ර බවක් ගෙනෙන්නට නියමිත අතර සාමාන්‍ය භාවිත මට්ටමේදී හමුවන්නට නියමිත Windows Recall, Live Captions, Auto Super Resolution, Voice Clarity, Studio Effects, ඇතුළු අංගයන් රාශියක් ගැන මේ වන විට අවධානය ලබා ගෙන ඇත. Small Language Model (SLM) එකකින් ඇරබෙන්නට නියමිත භාවිතාකරන්නා මිත්‍ර බව Screen Region Detector, Optical Character Recognizer, Natural Language Parser, Image Encoder වැනි අංගයන් ඔස්සේ ගැබුරට විහි දෙනට සූදානම් බවට පැහැදිලි කෙරෙනවා. එපමනක් නොව APIs (Application Programming Interfaces) ඔස්සේ සංවර්ධකයන් හට වඩ වඩාත් නව අත්හදා බැලීම් සදහාද සූදානම් බවටද තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. උදා හරණයක් ලෙසට Windows Recall ඔස්සේ ඔබගේ පරිගණකය සමග අතීත ගනු දෙනුවේ වැදගත් අංගයන් වෙතට පහසුවෙන් නැවත යන්නට හැකිවීම දැක් විය හැක.
Pubudu Siriwansa

