මුල් ස්වභාවයෙන් අප ජීවවිද්යත්මක සිරකරුවන් ව සිටියා විය යුතුය. කාලයත් සමග අප සංස්කෘතික සිරකරුවන් වීමු. මෙම ගෙවෙන යුගය විග්රහ කෙරෙන්නේ අප ක්‍රමයෙන් ඇල්ගොරිතමයන්ගේ සිරකරුවන් වෙමින් සිටින්නෝ ලෙසය. ඔබගේ අත්ලේ නිරන්තරයෙන් රැදෙන ස්මාර්ට් දුරකථනයේ සිට පෞද්ගලික පරිගණකය දක්වා දෛනික ජීවිතය වටා නෙක ආකාරයෙන් මෙම ඇල්ගොරිතමයන්ගේ ආධිපත්‍ය අපව වස ගනිමින් සිටී. සරලව ඔබගේ සමාජ ජාලා ගිණුම කොතරම් ඔබව හසුරවන්නේ දැයි ඔබම නොදැන සිටීම දැක්විය හැක. මිහිමත එලබෙන පරම්පරාවල් වලට මෙම නව ලෝක සැකසුම ස්වභාවික කාරනාවක් වීම සිදුවෙමින් තිබේ.ඔබගේ ජීවවිද්‍යාත්මක පදනමේ සිට සමාජ විද්‍යාත්මක පදනම දක්වා බොහෝ දේ එය දරුණු ලෙසට සංශෝදනය කරමින් සිටී.
Pubudu Siriwansa
“PARIGANAKAYA”

