කාබනික ගොනුවක් වන ඔබගේ කායික මානසික සමස්ථය ගණිතමය හා තාර්කික සමස්ථයක් කර සිලිකන් ගොනුවකට ඌනනය කරන්න ඔවුන් හැම අතකින්ම කටයුතු කරමින් සිටී. ඔබගේ භාවමය කලාපය සාර්ථකව පිටපත් කර ගන්නා මොහොත මිහිමතින් කාබනික ගොනුවල ආධිපත්‍ය සමුගැනීම ලෙසට උපකල්පනය කරන්නට හදාරන්නන් කැමති වන්නේ ඒ නිසා විය යුතුය. වසර දහස් ගනනක කාල පරතරයක වන උස් කඳු මුදුන් දෙකක් උපකල්පනය කරන්න. අතීත කාල කලාපයට අයිති කඳු මුදුනතක වන ආදි කාබනික මිනිසෙක් සඳ එලියෙන් පිරුනු රාත්‍රියක සැරිසරන අපමන භාවමය කලා පයත් එලබෙන දිනයකට අයත් සමාන්තර අනෙක් කඳු මුදුනත වන සිලිකන් මිනිසා විසින් අධි වේගයෙන් ගනනය කරමින් විශ්වය අවසන් කරගන්නා ක්ශනිකයත් උපකල්පනය කරන්න. ඔබට බොහෝ දේ වැටහෙනු ඇත.
Pubudu Sirwansa

