Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරුමිනිසුන්ගේ කථාව…(8)

    “ඔබ දන්නවද මම මහත්සේ ප්‍රිය කරන ලේඛකයෙකු සටහන් කරනවා , බොහොමයක් මිනිස්සු මිය යන්නේ ලෝකයට කියන්න තියෙන බොහෝ දේවල් කියාගන්න බැරි වීමත් සමගලු. බොහෝ වෙලාවට ලෝකයෙන් එන ආකෘතියක සිරවෙලා අසරනව ජීවිතය ගෙවා ගන්නවා මිසක ඔවුන්ට ඔවුන් වෙන්නට අවස්ථාවක් හමුවෙන්නේ නැතිලු. මම ඒ බව විස්වාස කරනවා ඔබ…” මා හට ඇයව මීට වඩා විවෘත තබා ගන්නට අවශ්‍යව ඇත්තසේ හැගෙයි. “මටත් හිතෙනවා” විටක ඇය සැගවෙන්නට මහත් දක්ශය. දෙබස් තුලදී විටක ඇය එය මනාව සිදුකරයි. “මම දන්නවා මම බොහෝ සෙයින් වෙහෙසට පත්වෙලා බව, අවශ්‍යයයි මේ බවින් මිදෙන්න. ඒත් හරිම අපහසුයි ඒක. ඔබට තේරෙනවද මිනිස්සු හුදකලාවට හුරු උනාම කොයිතරම් වේදනාකාරී උනතේ බවින් අත් මිදෙන්න අකමැත්තකුත් ඒ සිත තුලම පැත්තක ඇති වෙනවා”. සමහර විටක මා විවෘත වූවා වැඩි වූවා දෑයි සිත තුල සැකයක් නැගිනි. එම කදුමුදුනතට වන මාවත කෙටි කරමින් අතුරු පා මාවතක්ද සකස් කර තිබින. අතර මැද විසිතුරු වගාවකින් යුත් එම භූමියේ තැනින් තැන අලංකාර කැටයමින් සැරසූ පහන් කනු මහත් විසිතුරු බවක් ගෙනදිනි. තැනින් තැන පිහිටවා තිබූ ආසන රවුම් විටක අප අධ්‍යාන ආයතනයේ කුඩා කන්ඩායම් සාකච්චා සදහාද යොදා ගැනිනි. විටක එවැනි දේ සදහා පැමිනෙන කන්ඩායම් අතර මදක් වැඩි හඬින් නැගෙන දෙබස් සංචාරකයෙකු පැමිනෙනු දකින් සැනින් පහත්ව යයි. එකිනෙකාට ගරුකිරීම එම නගර ආශ්‍රිත මා දු‍ටු තවත් අපූරුම සිරිතකි. ඔවුන් එහිදී බොහෝ විට ඔවුනගේ තරාතිරම් නොසලකමින් ඒ දේ සිදුකරන්නට අවශ්‍ය තරමේ සංහිඳියාවකින් යුත්ත අය වූහ. ඇය නිහඬවම පියවර මනිනු ආකාරය මසිත තුල අපහසුවක් ඇති කලේය. “මට සමාවෙන්න ඔබව මම අපහසුතාවයට පත්කලා නම්” මට නිතැතින් කියවිනි.(46) “අපි ටිකක් නැවතිලා යමුද?” අදුරට පෙර දැල්ව ඇති පහන් කනුවකට යාබදව වූ අසුන් පෙලක් දක්වමින් ඇයට අසුන් ගන්නට ආරාධනා කරන ලද්දේ ඒ සදහා ඇගේ ප්‍රතිචාරයද නොතකමිනි. ඉතිරිව ඇත්තේ ඉතා කෙටි කාලයකි. ජීවිතයේ සිදුවූ අපූරුතම හමුවීමකින් සමුගන්නට දින නියම වී ඇතිය. හැදෑරුම් සටහන් අතර සිරව සීමාවක් රටාවක් නැතිව ගලා ගිය ජීවිතයට මද හෝ විරාමයක් හමුව ඇතියා සේ දැනේ. හමුවූවාටත් වඩා වේගයකින් සමු ගන්නට සිදුවීම වචන කල නොහැකි රිදුමක්ව අත්මය පුරාවට දිව යන්නා සේ හැගේ. “දන්නවද, ඔබ හමුව නිසා ගෙවී ගිය කාලයනිසාම මට අධ්‍යාන ආයතනය සමග වුනු ගිවිසුම දීර්ඝ කර ගන්නට අතපසු උනා. පෙර වසරේදී එකග වූ මීලග ආයතනය සදහා සේවයට වාර්ථා කරන්නට පෙර දැනුම් දීම පැමුනුනාම තමයි තත්වය මතක් වුනේ. දැන් මම පරක්කු වැඩියි” දැඩි අපහසුතාවයට පත්ව මම පවසන්නට විනි. “සමහර විට ඔබට වැරදීමක් වෙන්න බැරිද.? මම කියන්නේ මම විශේෂ කෙනෙක් වෙන්නේ කොහොමද? ඔබට ඔනෑ තරම් මිතුරියන් හිතවතියන් හමු වෙලා ඇති.” ඇය පවසන්නට අවශයව ඇත්තේ තත්වය මදක් හෝ සංසුන් වන යමක් මිස සැබෑව කුමක් දැයි නොදන්නා නිසා නොවන බව මට හැගිනි. “මම හිතන්නේ ඔබ මට වඩාත් විශේෂ කෙනෙක්. ඔබට මතකද අර උදයාන සිතුවම් දැක්මේ තිබුනු එක් චිත්‍රයක් නම් කර තිබුනා ‘මව නැවත හමුවීම’ කියලා. ඔබට තේරුනාද එහි ඇඳ තිබූ තරුනියගේ රූ සටහනට මතුපිටින් ඉස්මතු කරලා තිබුනා ආරක්ශිත බවක් හැගෙන රූ සටහනක්. මතකද එම සිතුවමේම පසකින් කුඩාවට දක්වලා තිබුනා අනාරක්ශිතව වේදනාවෙන් සිටින කුඩා දරුවෙකු ගේ සටහනක්. ඔබ සිතනවාට වඩා සංකීර්න මානසික ක්‍රියාවලියක් එතන තිබුනා.” වෛද්‍යවරියක වූ ඇයට වඩාත් දේ පැහැදිලි කරන්නට අවශ්‍ය නොවිනි. (47) ජීවිතයේ හමුවූ නිහඬතම නිමේශයන් ගතව ගියේ ඒ මොහොතදී යැයි සිතන තරම් විය. වඩාත් සංකීර්න විෂය ගැටලු සමග තිබූ සුව පහසු දෙබසේ ගලා යාම අප අතරින් අතුරු දහන්විය. සාමන්‍යයෙන් දෑ බර පතලව ගනන් නොගන්නා ඇය මිනිස් හැගීමක් ඉදිරියේ මෙතරම් නිශ්චලවූ වේ කෙසේදැයි මාතුලද විමතියක් නැගිනි. අඩ හෝරාවට ආසන්න කාලයක් වචනයකුදු නොදොඩා අප අතරි ගලා ගියා විය යුතුය. “දන්නවද, වචන වලට වඩා වචන අතර එන හිස් අවකාශය වඩාත් අර්ථ සම්පන්නයැයි සමහරුන් කියලා තිබෙනවා. අපි වචන අතරේ කොයිතරම් දක්ශ උනත් ඒවා අතර මැදට එන හිස් අවකාශයට වන අර්ත වලදී කොයි තරම් අසරනද කියලා දැන් මට තේරෙනවා.” නිහඬ බව බිඳින්නට මෙන්ම ව්‍යාජ නොසැලුනු බවක් පෙන්වන්නටද මට අවශ්‍ය වූවා විය යුතුය. “මට සමාවෙන්න. මමත් කිසිසේත්ම හිතුවේ නැහැ අපි අතර මේ තරම් අපහසුතාවයට පත්වන මොහොතක් ඒවි කියලා. මට අවශ්‍ය උනේ නැහැ ඒ වගේ තත්වයක් ගොඩ නැගෙන්නට ඉඩ හැරෙන්න. ඒත් එක එහෙම වෙලා. බෑදීමක් පමනක් නොවේ බැදීමට අනිවාර්ය විරාමයකුත් ඇවිල්ල. යම් හෙයකින් නියමිත ආකාරයට මීලග ආයතනයේ සේවයට වාර්ථා නොකලහොත් මගේ වෘතීය ජීවිතයට ලොකු ගැටලුවක් වනවා පමනක් නොව විශාල වන්දියකට පවා ලක්කර ගන්නට ඔවුනට අවස්ථාව සැලසෙනවා”. මා පත්ව සිටින තත්වය පැහැදිලි කෙරන්නට උත්සාහ කලා මතකය.අප අතර කිසිදිනක බලාපොරොත්තු ගොඩ නැගෙන ආකාරයේ දෙබස් ඇති නොවුනු මුත් නිහඬවම පැමිනි බලාපොරොත්තු මුරන්ඩුව අප අතර සිටගෙන සිටිනාක් වැනි හැගීමක් සිත තුලට දැනිනි. මහත් සැහැල්ලුවෙන් හමුවූ දෙදෙනෙකු මහත් බ‍රැති හැගීම් වලින් තෙරෙපෙමින් අපහසුවෙන් සමුගන්නට සිදුව ඇත.(48) “මම හිතන්නේ ඔබ දැඩි සීතලට නිරාවරනය වීම ගැටලු සහගත විය හැකියි නේද?” ඒ ගබඩා කරුගේ හඬය. ඔහු පවසා ඇත්තේ සත්‍යකි. දහවල මිතුරා සමග කඳු මුදුනත දිගේ ගම්මාන නිම්නය දෙසට යන්නට සැරසුනු සාමන්‍ය සීතලට බවට සරිලන ඇඳුමින් තවමත් එලෙසමය. සෑහෙන ව්‍යායාම සමග සිරුරේ උනුසුම නිසා ආගන්තුක කුටිය අසල අසුන පැමිනෙන විට දැඩි සීතලට ඔරොත්තු දෙන අමතර ඇඳුමක් ඇග ලා ගන්නට අවශ්‍ය නොවුනද දැන් නම් අවශ්‍යව ඇතිය. “ලොකු ස්වාමීන් වහන්සේ පැවසුවා ඔබට අවශ්‍යනම් සෑදෑ හමුවෙන් පසුව පැමිනෙනට කියලා”. ආශ්‍රම භූමියට , ලොකු ස්වාමීන් වහන්සේට , දහම් කාරනා වලට මහත් මිත්‍රව සැහැල්ලු ජිවිතයක් මෙහි තිබූ අතීතය වෙතට නැවත පිවිසෙන්නට මදක් නොව හොඳින්ම අපහසුව ඇත්තාක් වැනිය. වරක් සැඩ සුලගකට හසුව ගැලවී පැමිනි අතුකැබැල්ලක් ටිබෙටියානු මිතුරාගේ කුටියේ වහලයේද විශාල කොටසක සමග පොලවට පතිතවූ විටක ඔහු සතුව තිබූ සියල්ල බහාලූ ගමන් මල්ල පවා අහිමි වූ මොහොතකදී නොසැලී සිටින්නට මනස පොලබවාලූ මා අද දුරස් පෙදෙසක වෙසෙන මිතුරියක හා බැදුනු බැදියාවක් ඔස්සේ අපහසුතාවයට පත්වන යුරු මාතුලම විමතියක් ඇති කරවන සුලුය. ලොකු ස්වමීන් වහන්සේ සමග ගැබුරු වන ලැහැබේ ස්වභාවික ගල් කුටිවල සති කිහිපයක් දහම් වඩමින් හුදකලාව සිටි, සැහැල්ලු කල මනස, හමුවූ අපූරු යුවතියක හා සුහඳව ගෙවී ගිය කාලයේ මතකය විසින් පරයමින් මතුපිට වසා ගන්නා ආකාරය පුදුම උපදවන සිදුවීමකි. හුදු කයින්, මනසින් ඈ ස්ත්‍රියක වීම අප සැබැදුමේ පදනම නොවිනි. සමාන සුසරයන් දරන මනස් එකි නෙක යාවීම වඩාත් අවිංඥානික සිදුවීමක් වනවා විය යුතුය. සමහර විටක දහම දෑ මග හැර සිටින්නට යෝජනා කරන්නේ ඒවා සමග නොදැනීම ඇතිවන මිත්‍රත්වය සමග පසුව සංහිදියාව සොයාගන්නට අරගල කරන්නට සිදුවන නිසා විය හැකිය.(49) වගා බිම් අතර දවස පුරා වට අප දෙදෙන ඇවිඳිමින් සිටියෙමු. විටක ටිබෙටියානු මිතුරා දැන හඳුනන අයෙක් හමුවූ විට ඔවුන් ගෙන් බොහෝ දෑ දැන ගැනීමේ හැකියාවද ලැබිනි. ඔවුනගේ භූමීන් එකි නෙකාට අයිතියක් යටතේ පාලන වුවද සමහර කාරනා වලදී එම පෞද්ගලික බව ඉක්මවා යන පොඳුබවක් ඉස්මතුවන ආකාරය මනාව පෙනිනි. ජලය , හිරුඑලිය ලැබීම, වගා විවිධීකරනය, වැඩි ශ්‍රමයක් අවශ්‍ය වන විටදී වැනි බොහෝ අවස්ථාවලදී වඩාත් අපූරු ආකාරවලට තමන් බව පරයමින් අපේ බවක් ඉස්මතුවන ආකාරය අපූරුය. ඔවුන් අතරින් වඩාත්ම සිත්ගත් හමුවීම වූවේ පැමින ආපසුයාමට නියමිත නිශ්චිතකාල රටාවකට ‍රැදී සිටින නිශ්චිත යුතුකම් ප්‍රමානයකට බැදී සිටින අයවලුන් හැටියට ඔවුන් අතර වන මුත් කිසිවිටකත් මතුපිටට නෙයෙන එකගතාවයක් නැතිනම් අවබෝධයක් වැනි යමකි. ඔවුන් අතර වන අපූරු යෙදුමක් මේ බව වඩාත් පැහැදිලි කෙරිනි. “කොටස් කරගත් පොලෝ තලයක අප විසුවද එකම අහස් කුසක් අප ඉහලින් තිබේ. එයට අභියෝග කල නොහැක”. ඔවුන් දැඩිව එම බව ප්‍රායෝගිකව තම දෛනික ජීවිතයේ තීරනත්මක අවස්ථාවල්දී ඒ බවට වන එකගතාවය විහිදවන සුලු ජීවිත රටාවක් ගත කරන බවක් පැහැදිලිය. බොහෝ හදාරන්නන්හට ඔවුන් මග හැරෙන සුලු වන්නේ වඩාත් වටිනා ඔවුන්ගේ හරයන් වන්නේ මහත් තර්කානුකූල මතුපිට මනසට යටින් දිවෙන අවිංඥානික මනසේ වීම නැතිනම් ඒවා අවබෝදයන් මිසක මහත් පරිශ්‍රමයකින් අත්පත් කර ගන්නා හා ‍රැකගන්නා ඒවා නොව ස්වංයව ක්‍රියාත්මක වන ඒවා වීම නිසාය. අනෙක් දෙසින් ඒවා හදාරමින් ආක්‍රමනයට ඉඩ නොලැබෙන්නේද ඒ නිසාම විය යුතුය. වරක් ඔවුන් සතු ඖෂධ ක්‍රම කිහිපයක් ‍රැගෙන ගිය විදේශ හදාරන්නෙකු පසුව ගබඩා භාරතුමා වෙතට දන්වා ඒවා ඇත්තේ “ඔවුන් භාවිතාකරන දෑම භාවිතාකරමින් ඔවුන් ගේ පියවරයන්ම අනුගමනය කර උත්සාහකලද තමන් අසාර්ථකවූ බවකි”.(50)