Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරුමිනිසුන්ගේ කථාව…(5)

      එක් උදෑසනක් වෙනදාට වඩා අපූරු බවකින් උද්‍යානය හැඩවී තිබිනි. ‍රැඩිකල් ආකාරයේ නව චිත්‍ර ශෛලයකට නෑකම් කියන ශිල්පියෙකුගේ මනරම් සිතුවම් පෙලකින් එහි එක් පෙදෙසක එලිමහන ඔපවත්ව තිබිනි. පරිගණකය ආශ්‍රිත්වද නිමවන ඔහුගේ සිතුවම් දැක්ම නම්ව තිබුනේ “මම ඔබව නැවත ලියමි” ලෙසටය. සාමාන්‍යයෙන් අප දකින යාන්ත්‍රික බව ඉක්මවන ගැබුරු බවක් ඒවා වෙත ගෙනෙන්නට පරිගණක ඇසුර භාවිතාකර තිබීම කාගේත් සිත් ගන්නක් විය. සමකාලීනව ලොව පුරා නැගෙන නෙක ආකාරයේ මතවාදී නැබුරූන් හදාරමින් එවා සමග තම තම පුද්ගල හැගීම් රටා මුහු කරන්නට ඔහු මනා නිපුනයෙකු බව ඒ හැම සිතුවකින්ම පිලිබිගු විය. එක් සිතුවමකට ඔහු අපූරු ආකාරයේ පූර්විකාවක් පෙල ගස්වා තිබිනි. ” -ස්තුතියි. -ඇයි ඒ. -මම ඔබෙන් ලද ආභාශයට. -මේ මම. – ඔව් හැබැයි මම හොරකම් කලා නම් නෙවෙයි, ඒත් කියන්නට බැරිඋනා. “සියලු මිනිස් සබදතා හුදු ආර්ථික අර්ථයෙන් පමනක් ගලපන්නට උත්සාහ කරන පරිසරයකදී නැවත ජීවිතයට එන්න කියන්න එයාට ඔනෑ වෙලා තියෙනවා වගේ.” බොහෝ වෙලාවක් නිහඬවම සිතුවම් අතර ඇවිද ගිය ඇය අවසානයේ තම නිශ්ශබ්ද බව අවසන් කලාය. “මටත් එහෙම හිතෙනවා නිමක් නැති ආකාරයට ජීවිතය භෞතිකයන් අතර වලලන්නට තැත්කරන ලෝකයට ඔහු සමහර වෙලාවට කිසිම අනක් ගුනක් නැති මිනිහෙක් වගේ ‍රැඩිකල් විදිහට පහර දෙන අකාරය හරිම අපූරුයි. “හැබෑයි ඒ හැම දේකටම වඩා මගේ සිත් ගත්තේ අර ස්තුතියි.. කියලා පටන් අරන් තිබුනු පූර්විකාවට” මම විවෘත වුනෙමි. “ඇයි ඒ.” ඇය විමසුවාය. “මේ මට ඔබට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි”. ඇය නැවතත් එම සටහන කියවන්නට විය. අවසානයේ “මේ මම නිසා” විමතියට බර මුහුනුවරක දරමින් ඇය මගෙන් විචාලාය. සිතුවම් පෙල අවසානයේ සමුගැනීමේ සටහනක්ද විය. “මා හැම විටම තාක්ශනය පින්සල වන්නට මිස පින්සල් පහර වන්නට ඉඩ නොතැබු වේයැයි විස්වාස කරමි. පැමිනීයට ස්තුතියි”(31) “මතකය මත්තේ ඔබ මොබ ඇවිද යන්නට ඔනෑවය වඩා හුරු පුරුදු වීම ගැටලුවක් බව මම හිතන්නේ මම මතක්කර දෙන්නට ඔනේ නැහැනේ!” ටිබෙටියානු මිතුරා උදෑසනම මා සොයා පැමින ඇත. “පරිගණකයට බැරි දෙයක් මිනිස්සුන්ට ලැබිලා තියෙන්නේ ඒක හරිම වැදගත් නිසා වෙන්න ඇති මම හිතන්නේ. මම කිව්වේ අමතක වීමේ හැකියාව ගැන” ඔහු පැහැදිලි කර සිටියාය. “ඒත් පුදුමය කියන්නේ කාලය අපිට උදවු වෙන්නේ දේවල් අමතක කර දාන්නට උනාට මෙතැනදී තත්වය සම්පූනයෙන් වෙනස් වෙලා වගේ.” මම යම්තරමක අසරනවීමක් වුවත් විවෘතව පැවසීමි. “ඔබ දන්නවනේ.. ජීවිතක කාලය තුල මොනතරම් විවිධ පරිසරවල මම ගතකරල තියෙනවද කියලා.. ඒත් මෙතැනදී තරම් ඒ මොහොතවල් වලට මාව නැවත නැවත අමතන්නට හැකිවීම ගැන මටම පුදුමයි” පැහැදිලිව විවෘත විය හැකි හොඳම මිතුරා වෙතට එන්නට හැකිවීම මහත් සහනයකි. “හොඳ පැහැදිලි දවසක් නිසා නරකද කඳු මුදුනත දිගේ ගම්මානය පැත්තට ටිකක් ඇවිදින්නට ගියොත් , අපි ගබඩා භාරකාර තුමාගෙන් ආහර ටිකක් ලබා ගෙනම පිටත් වෙමු.” ඔහු නැගී සිටියාය. මමද දෙවරක් නොසිතා ඔහු සමග එක්වීමි. ශාන්තිමත් කඳු මුදුන එතරම් වෙනසක් ලබා ගෙන නැතුවා සේය. කුඩා මාවත දෙපස වන තන බිස්ස තැනින් තැන වන වඩුනු රුක් ගොමු මෙන්ම නෙක වර්න පැහැ ගන්නා සියතුන් වර්ග එලෙසමය. බටහිර කඳු පාමුලින් ගලායන ගංගාවද කිහිදු වෙනසක් සිදුවී නැතුවා සේ ගල බසිමින් සිටී. දහවලට ආසන්න වන විට අප දෙදෙන ගම්මාන නිම්නය පෙනෙන දුරට පැමිනුනෙමු. මතකයේ හැටියටනම් තැනින් තැනවූ නිවාස සංක්‍යාවනම් මදක් වැඩිවී තිබෙනවා සේය. “පසුගිය දවස් වල ආශ්‍රමයේ සහයට මෙහෙන් ආපු ගැමියෙක් සමග මම බොහෝ වෙලා කථාකරන්නට ලැබුනා. ඔහු බොහෝ දෙවල් මට පැහැදිලි කර සිටියා. මම හිතනවා ඔබත් ඒවා පිලිබදව සැලකිලිමත් වේවි කියලා. අපි ඒ ගැන පසුව කථා කරමු.” මෙම ගැමියන්ගේ සමහර තාක්ශනික උපංක්‍රම පැහැදිලි කර දෙන්නට කිසිවිටකත් නොපැකිල වන්නෙය. එහෙත් ඒවා දැන ගත් නිසාම අත්හදා බලන්නට අපහසු වන්නේ මෙම පරිසරයේම අනන්‍යතා වන ගස් කොල, ස්වභාවික දැ සමග බැදී පවතින දෑ භාවිතාවීම නිසාත් ඒවා නිර්මානය කර ගන්නා ආකාරයේ පියවරයන් බොහොමයක් ඔවුනටම වන අවබෝධයක් ඔස්සේ සිදුවන නිසාත්ය. ඔවුනගේ පරපුරෙන් පරපුරට ඒවා ශක්තිමත්ව ගලා යන මුත් බාහිරෙන් පැමිනෙන්නෙකුට එම දැනුම හා භාවිතාව කරා පැමිනීම ඉතා අපහසු වන්නේය. එම සංස්කෘතිය සංක්‍රිය කරවන මිනිසුන් ඉපදෙමින් මිය යමින් ඉදිරියට ගලා යන මුත් සංස්කෘතිය නොසැලී තිබෙන ආකාරය අපූරුය.(32) ඇයගේ නේවාසිකාගාරය පිහිටා තිබුනේ මද දුරකින්ය. විශාල ගොවි බිම් යායකට මුහුනලා ඉදිව තිබූ නේවාසිකාගාර පෙලක ඒන නිවසක ඇය නවාතැන් ගෙන තිබුනේය. ඇයගේ ආරාධනය පරිදි වරක් මා එහි ගියෙමි. තරමක අලස එකියක වුවද ඇය තම නේවාසිකාගාරය ඉදිරි පිට විසිතුරු මලින් සරසා තිබෙන්නට කටයුතු කර තිබිනි. පොත පතින් පිරුනු ආලින්දයකදී ඇය මා පිලිගත්තාය. අසල වූ තවත් අසුනකට ආරාධනා කල ඇය “ඔබගේ පැමිනීමට මට සතුටක්” පවසමින් ඉදිරියෙන් වන කොල වර්නයෙන් පිරුනු වගා යාය දෙසට මගේ අවධානය යොමු කලාය. “ඔබට හරිම අපූරු තැනක ලැගුම් ගන්නට ලැබී තියනවා වාගෙයි, මම හරිම කැමතියි මේ වගේ තැන්වලට” මම පවසන විට ඇය හිස වනමින් “මම දන්නවා” වැනි ඉගියකින් එකගතාවය පලකලාය. තවමත් සංක්‍රියව තිබෙන පරිගණකය දෙසට මා අවධානය අදී යනු දු‍ටු ඇය” ඉස්සරනම් මම ඒ තරම් තොරතුරු තාක්ශනයට කැමති වෙලා හිටියේ නැහැ, ඒත් ඔබ හමු උනාට පස්සේ වැඩියෙන් ඒ ගැන අවධානය යොමුකරනවා. මෑත කාලය තුල මම ගොඩාක් තොරතුරු එක්කාසු කර ගත්තා අන්තර්ජාලය ඔස්සේ. ඒකේ ස්තුතිය ඔබටයි” සුහඳ සිනාවක් සමග ඇය පවසා සිටියාය. වගා වතුයාය මැදින් වැටී තිබූ නිදහස් මාවතක් ඔස්සේ අප දෙදෙන ඇවිද යමින් සිටියෙමු. “ඔබ මට ප්‍රිය කරන්නේ ඇයි?” විචාලාය. “ඔනෑම සමාජයක වෛද්‍යවරයෙකුට මදක් හෝ වැඩි ගෞරවයක් තිබෙනවා තමයි. හැබැයි මම ඔබට ප්‍රියවීම ඇරබෙන්නේ ඒ වෘතීය සමාජ පිලිගැනීම ඔස්සේ නම් නොවේයි” මම පැහැදිලි කරන්නට පටන් ගතිමි. “එහෙනම්?” ඇයට දෙබස ඉදිරියට ගෙන යන්නට අවශයව ඇතිවා සේය. ” මම් ඔබේ දැනුමට කැමතියි. ඒ වාගෙම ඒ දැනුම ඔස්සේ ඔබ තුල ගොඩ නැගෙන විනයට මම තවත් කැමතියි.” ඇය පිලිබදව මාතුලවන ගෞරවය මිශ්‍රිත බැදීම පැහැදිලි කරන්නට උත්සාහ කලෙමි. “ජීවය කියන්නේ හරිම අපූරු දෙයක්. ගස් වැල් මිනිසුන් සතුන් සිව්පාවුන් මේවා හරිම අපූරු නිර්මාන. ඔබ තුලද ඒවා කෙරෙහි වන ආදරනීය හිතවත් කමට මම හරිම කැමතියි. ඉතින් ඒ අපූරු දෑ බොහොමයක් දරාගෙන සිටින අපූරු කඩිසර තරුනියක වීම නිසා අවසාන ලෙසින් මම ඔබට තවත් කැමතියි”. හැකි උපරිම ලෙසින් මම ඇය වෙතට විවෘත වුනෙමි.(33) ඇගේ නිහඬතාවය මගේ දොඩමලු බවට ආරාධනාවක් විය යුතුය. “හිතන්න දැනුම කියන්නේ හරියට ලෝකය කියන අඳුරේ තියෙන චිත්‍රයට හෙලන පහන් ආලෝකයක් වගේ. මිනිසුන් ක්‍රමයෙන් ලොකය හඳුනා ගන්නට ඒ දැනුම භවිතාකරනවා. සාමන්‍ය ජීවිතයකට අවශ්‍ය දැනුම අද ලොකයේ පිලිගත් මූලික අවශ්‍ය තාවයක් ඒ අතරින් සමහරක් තමන් වැඩියම ප්‍රිය කරන විෂය ඔස්සේ වැඩි දැනුමක් ලබා වෘතිකයෙකු වනවා. හරියට ඔබ වගේ.” ඇය දොඩමලු බවට සේම සවන් දීමටද හපනියක් වීම අපේ මිත්‍රත්වය සදහා වඩාත් බලපෑ ඇතැයි මම සිතමි. වගා භූමිය ඔස්සේ වැතිරුන ඒ මාවත සරල රේඛාවක් බඳුව දිවෙන්නේ අනන්තයට සේය. දෙපස මද දුරින් දුරට වන විසල් අතුපතර විහිදුනු රුක්ෂයන් තව තවත් එන්න යැයි කරන ආරාධනාවක් බඳුය. “ජීවිතය වගේ”. මා නිවැරදිය . යහපත් මිතුරු බව යනු අනෙකාගේ හැගීමක් පවා හොදින් හඳුනාගන්නට තරම් සුසර වූ මනස් පිලිබදව අපූරව සටහනකි. හඬින් යනෙන දෙබසින් මිදෙන සිතුවිල්ලක ගමන් මග හඳුනා ගන්නට තරමට අපගේ මිත්‍රත්වය වැඩී ඇත. මදුරක් ඇවිඳගිය අප මාවත අද්දර වූ සෙවනක ගිමන් නිවන්නට වුනෙමු. ඈ ‍රැගෙන විත් තිබූ මද උනුසුම් කෝපි බඳුන ක්‍රමයෙන් වැඩිවන සීත බවට දිව ඔසුවක් විනි.(34) අප බොහෝ වෙලාවක් එම මාවතේ ඔබ මොබ ඇවිඳිමින් සිටියෙමු. තැනින් තැන වූ විසල් තුරු සෙවන යට බොහෝ දේ කථා කරමින් සිටියෙමු. තොරතුරු ලෝකයේ බොහෝ දේ ඇයට දැන ගැනීමට අවශ්‍යව තිබිනි. සමහර දෑ ක්‍රියාත්මක වන යුරු ඇය සිසුවියක පරිද්දෙන් දැනගන්නට අවශ්‍යව තිබිනි. සාමාන්‍යයෙන් පිලිගත් විෂයක එවන් වියත් කමක් ලබ අගත් බොහෝ වුන්ගේ ඇති ආඩම්බර බවක් ඇය තුල නොවීම මා සිත් ගත් කාරනයක් විය. ” දැනුම ඇයව බර පතල කොට උඩගු කොට දමන්නට අසමත්ව තිබිනි. විවෘත මනසට නෙක විෂයන් අතර සාමන්‍ය යෙන් වන වැඩ කඩුලු වලට මද උසින් වන දැක්මක් සමග නිදහසේ ඇවිද යන්නට අවශ්‍යව තිබුනා සේය. බොහෝ විට දැනුම ඉක්මවා ගිය අවබෝධයක් ඇයට අවශ්‍යව තිබුනා සේය. එය අපූරු මානසික තලයකි. කුල මල, ජාති, ආගම් ඉක්මවය යමින් මිනිසෙකුට තව මිනිසෙකුට හමුවන්නට හැකිවන විසිතුරු අවකාශයකි.” එම හමුව පසු දිනක දිනසටහනකට අකුරු කරනු ලැබුවේ එලසට පමනක් නොව පසුකාලීනව අවසන් කල පොතක පසු සටහනේ ඉස්මතුව සදහන් කර තබන්නට තරම් ප්‍රබලව සිතේ ඇදී තිබිනි. කෙමෙන් සෑදෑව ගලා එත්ම අප ඇයගේ නවාතැන් පල වෙතට පැමිනුනි. ප්‍රථම වරට ඇය ඇයගේ උසස් අධ්‍යපන කාලය ගැන පමනක් නොව පාසැල් කාලය මෙන්ම නෙක පෞද්ගලික කාරනා ගැන මා සමග විවෘත වන්නට තීර්නය කර තිබිනි. එම අතීතයන්ට අයත් ඡායරූ මෙන්ම නෙක සටහන් පෙන්වමින් විස්තරකර දෙන්නට අවශ්‍ය විනි. කුඩා කල සිටම ජීව විද්‍යව පිලිබදව ඇගේ අවදිව තිබූ කුතුහලය ගැන පමනක් නොව විටක නෙක ව්‍යාපෘති වලට එක්වෙමින් කටයුතු කල ආකාරය පැහැදිලි කර සිටියාය. අවසානයේ රාත්‍රි ආහර වේල සදහා සුපුරුදු අවන්හලට යන්නට තීර්නය කෙරිනි. අවසානයේ අදුර දැඩි වන්නට පෙර මා නේවාසිකාගාරය අසලටම ඇරලවා යන්නට අවශය වන්නට තරම් ඇය කාරුනික විය.(35)