070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

පරිගණකය හා ආරක්ෂිත බව.

Posted on March 9, 2024March 9, 2024 by author Siriwansa

ජීවිතය අවට වූ බොහෝ දෑ එනම් සරල Text සටහනක සිට තීර්ණ ගැනීම් ක්‍රම වේදයක් දක්වූ බොහෝ දෑ තම මුල්ස්වභාවයෙන් මිදී e මූලික ස්වරූපයකට පැමිනෙමින් තිබීම හාත් පසින් දැකිය හැකිය. තත්වය මෙසේ වන විට Computer security යන්න ද නොදැනුවත්ම අධිතක්සේරුවකට පැමිනීම අවධානයට ලක් කල යුත්තකි. හානිකරයක් නැතිනම් malware වක සිට අනවසර (unauthorized use) භාවිතාවක් දක්වා බොහෝ දෑ පිලිබඳව අවධියෙන් සිටීම මෙහි වේ. සමහර විටක ඡායාරූප හෝ වීඩියෝවන් නැතිනම් වෙනත් ආකාරයේ e සටහණ් ඔබගේ පරිගණකයේ නැතුවා විය හැක. එනමුත් ඔබගේ දැනික භාවිතාවන් සමග වන බ්‍රවුසරය හානිකරන්නන් විසින් භාවිතයට ගනිමින් ඔබගේ බැංකු කටයුතු නැතිනම් වෙනත් වෘතීය හෝ ව්‍යාපාරික තොරතුරු සොරා ගන්නට පහර දෙන්නනන් හට අවස්ථාවන් වේ. සමහර විටක මේ කිසිම වැදගත් තොරතුරක් ඔබගේ පරිගණකයේ නැති වුවද සාර්ථක අත්පත්කර ගැනීමක් ඔස්සේ වෙනත් සයිබර් පහර දීමකට ඔබගේ පරිගණකය නැතිනම් දත්ත උපාංගය භාවිතාකරන්නනට පහර දෙන්නෙකුට හැකි වන අතර විටක එහි එක් ප්‍රමානයක වගකීමක් ඔබ වෙතට එන්නට හැක. මේ නිසාම බැකප් එකක සිට antivirus software, encryption වැනි ආරක්ෂක ක්‍රම වේද ඔබට වැදගත් වනු ඇත. මෙම දුරස්ථ බැකැප් එකක් ඔබගේ සමස්ථ ආකාරයේ වටිනා e ගොනු අහිමිවීමක් වලකා ගන්නට හොඳම විසදුමකි. Viruses, Trojans, වැනි ආකාර කාලයක් තිස්සේ පැමිනෙන හානිකර වන අතර ransomware මේ ආලයේ වඩාත් බහුල අනතුරකි. Windows Defender වැනි මෙහෙයුම් පද්ධතියටම සංයුත්තව පැමිනෙන ආරක්ෂක මෘදුකාංග වල සිට බොහෝ ආරක්ෂක විසඳුම් ඔබට තොරා ගන්නට හැක.
Pubudu Siriwansa

Posted in Malware, Security |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa