Microsofta සමාගම පවසන්නේ Windows 11 සදහා ඉල්ලා සිටින අමතර සුදුසුකම් පසුපස ඈත්තේ තීරනාත්මක ආරක්ෂිත බවකට අවශ්‍ය තාක්ෂණික කාරනා බවයි. ඔවුන් පවසන්නේ Trusted Platform Module (TPM 2.0), Virtualization-based Security (VBS), සහ අනෙකුත් අවශ්‍යතා windows 10 වලදී අත්‍යාවශ්‍ය මට්ටමින් නොමැතිව වුවත් ඉල්ලා සිටිය මුත් භාවිතාකරන්නන් අතින් ඉතා නොසැලකිලිමත් ලෙසට මගහැරීම බහුලව අත්විඳි කාරනා බවයි. එසේම ඔවුන් පවසන්නේ මේ වන විට ඉතා පහසුවෙන් පරිගණකයක් ආක්‍රමනය සදහා මේවා සාර්ථකව බදා කරන්නට සමත් අවශ්‍යත බවයි. වඩි දුරටත් පැහැදිලි කරන්නේ remotely හෝ locally ආකාරයට ransomware නැතිනම් භාවිතා කරන්නන්ගේ authentication data සොරාගන්නට මං අහුරන්නට මෙම පියවරයන් වැදගත් වන බවයි.
Pubudu Siriwansa