Windows 11 ප්‍රථම අත්දැකීම සිතූ තරම් සංකීර්ණයක් නොවන බව අත්විඳිමින් සිටිනවා. සැබෑවටම Windows 11 සමග අත්දැකීම ආයතනය දෙසින් සරලව පැහැදිලි කලේ clean and fresh හා simpler එකක් ලෙසටයි. ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති නව මෙහෙයුම් පද්ධතිය පිලිබඳව බොහෝ භාවිතකරන්නන්ගේ මතයද ඉන් බොහෝ ඈත නොවන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. Windows සුපුරුදු මෝස්තරයෙන් ඈත නොවන නමුත් ක්‍රමවත් හා පාහසු මෙන්ම වඩාත් ආරක්ශිත බවින් අනූන නව අත්දැකීමක් ගැන ඔවුන් පැහැදිලි කරමින් සිටිනවා. කාලාන්තරයක පුරුද්දවූ start menu වේ ප්‍රමුක නොපැමිනීම TaskBar වල පිලිවලේ වෙනස වැනි සමහර කාරනා වල නව රටාව ඉක්මනින් භාවිතාකරන්නන් හට වැඩි පහසු හා පිලිවෙලක් සහිත බව සමග සුපුරුදු වෙනු ඇති බවටයි විචාරය වෙමින් තිබෙන්නේ.
Pubudu Siriwansa