US වල වැඩිහිටි මට්ටමේ PC භාවිතාකරන්නන් 1042 ඇසුරින් කල හැදෑරීමකින් Savings.com ආයතනය පවසන්නේ 62% ප්‍රමානයක් නැති නම් බහුතරයක් තවමත් windows 11 පිලිබඳව unaware මට්ටමක සිටින බවයි. එසේම ඔවුන් පවසන්නේ 40% ප්‍රමානයක් උස්තල ගැන්වුමක සූදානම් බවක් පවසන අතර 45% ප්‍රමානයක් අවිනිශ්චිත බව පවසා තිබෙනවා. 14% ක් පමන උස්තල ගැන්වීම ප්‍රතික්ශේප කර සිටිනවා. එම ආයතනය පවසන්නේ සහභාගි වූවන් බහුතරයක් upgrade plans, exciting features වැනි නව මෙහෙයුම්පද්ධතිය ගැන වන තොරතුරු නොදන්නා බවයි. 14% පමනක් පවසා ඇත්තේ තමන් Android apps ධාවන හැකියාව පිලිබඳව පෙරබලා සිටින බවයි. මීට කිට්‍ටු පිරිසක් Microsoft DirectStorage පිලිබඳව ද hybrid architecture (Intel’s Alder Lake) වැනි අංග පිලිබඳව බලාපොරොත්තුවෙන් සිටින බව පවසා සිටිනවා.
Pubudu Siriwansa