windows 11 මේ වන විට ක්‍රමානුකූල මුදා හැරීම යටතේ නිකුත්වෙමින් ඇති බවටයි වාර්ථාවන්නේ. Microsoft ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය මෙය වන අතර දැනටමත් එම ආයතනය ප්‍රකාශ කර ඇති පරිදි නව මෙහෙයුම් පද්ධතිය සහය දක්වන උපාංග සදහා නිකුත්වීම ක්‍රමානුකූලව අරබා ඇති අතර එය එලබෙන වසරේ මැද භාගය වන තෙක් වන කාල පරාසයක් තුල පියවර කිහිපයකින් ලොවපුරා භාවිතාකරන්නන් වෙතට ලැබෙන්නට නියමිත බවටයි ප්‍රකාශව ඇත්තේ. නව නිකුතුවේ සමහර දුර්වලතා කිහිපයක් භාවිතාකරන්නන් අතින් ප්‍රකාශයට පත්වෙමින් තිබෙන අතර වැඩි වැඩියෙන් මෙහෙයුම් පද්ධතිය භවිතයට පැමිනෙන විට මේ පිලිබඳව වැඩි දුර තොරතුරු පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa