Microsoft සමාගම මේ වන විට Windows 11 නිවේදනය කොට අවසානය. එලබෙන මස සිට එය සුදුසුකම් ඇති පරිගණක වෙත පැමිනීමටද නියමිතය. මෙවර Microsoft සමාගම පවසා සිටින්නේ තම නව මෙහෙයුම් පද්ධතිය පැමිනෙන්නට මදක් ඉහල දෘඩාංග මට්ටමේ අවශ්‍යතා සැපිරිය යුතු බවකි. ඒ සදහා ඔවුන් Intel හා AMD වල processors මට්ටමක් පැහැදිලිව කියා සිටිනු ලැබුවා. මේ වන විට එම සමාගම පැහැදිලි කර සිටින්නේ ඉහත කී මට්ටමේ අවශ්‍යතා නොමැති මට්ටමේ පරිගණක වලටද නව මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කල හැකි බවය. නමුත් ඒවාට security updates නොලැබෙනු ඇති බවය. ඒ අනූව සහය නොදක්වන පරිගණකයකට වුවද windows 11 ISOs ගොනුවක් ඔස්සේ නව මෙහෙයුම් පද්ධතිය වෙතට යාහැකි වුවද පහත දැක්වෙන popping up එකක් ඔස්සේ කියවෙන එකගතාවයට භාවිතාකරන්නාට පැමිනෙන්නට සිදුවන බවකි. Microsoft ආයතනය මේ වන විට යම් පරිගණකයකට windows 11 සදහා සහය දක්වන බව පරික්ෂා කර ගැනීම සදහා ලබ දී ඇති ටූලයේ නව සංස්කරනයක් Health Check app version 3.0.210914001 ලෙසට නිකුත් කර තිබෙනවා.
Pubudu Siriwansa