Windows 10 for phones වල පලමු නිකුතුව ඊයේ සිදුවිය. පැමිනෙන නවතම තොරතුරු පවසන්නේ මෙම සංස්කරනය unsupported phones මතට ස්ථාපනය බොහෝ ගැටලු කැඳවිය හැකි බවටයි. දැනට තොරා ගත් low-end devices කිහිපයකට පමනක් වලංගුව පැමින ඇති මෙම සංස්කරනය සමහර භාවිතාකරන්නන් විසින් අදාල නොවන Phone සංස්කරන සදහා registry editor වැනි ක්‍රම වේදයන් හරහා ස්ථාපනයට උත්සාහ කරන අතර බොහෝ ගැටලු වලට මුහුන පාන්නට වන බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. new phone builds පෙරදී මෙන් නොව වේගවත් යාන්තරනයක් යටතේ පැමිනීමට නියමිත බැවින් නුදුරේදීම පැමිනෙන තම උපාංගයට වලංගු වනසංස්කරනයක් කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ඔවුනගේ උපදෙස වන්නේ. windows 10 Desktop නව සංස්කරනයක නිකුතුවක් පිලිබඳවද පෙබරවාරී මාසයේදී බලාපොරොත්තු තිබුනද දැනට හෙලි වන තොරතුරු පවසන්නේ එලබෙන මාසයට එය නියමිත වීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි.