Microsoft සමාගම පසුගියදා මෘදු ටූලයක් නිකුත්කර සිටියාය. එය පිලිබදව පවසා තිබුනේ Windows 7 , 8 භාවිතාකරන්නන් සදහා Windows 10 පෙර සංස්කරනයන් update ලෙසට ලබා ගන්නට අවශ්‍යකරන පරිසරය නිර්මානය කර දෙන්නට නිමවුනු මෘදුකාංගයක් ලෙසටය. මේ අනූව එලබෙන ජනවාරියට බලාපොරොත්තු තබා ඇති මීලග Windows 10 පලමු සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන නිකුතුව ලබා ගන්නට Windows update හැකියාව භාවිතවීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි බලාපොරොත්තුව වන්නේ. එසේම දැනටමත් බලාපොරොත්තු පලවී ඇති පරිදි windows 10 නොමිළේ පැමිනෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසට වීමේ වැඩි විස්වාසයක් එය තුලින් පලවී තිබිනි.
Windows 10 මීඩියා ප්ලේයරය සමග දැනට වන සංස්කරන වලට වඩා වැඩි ගොනු වර්ග ප්‍රමානයක් මුල් ස්වභාවයෙන්ම ධාවනය වන්නට හැකි වන බවටද කලින් කලට පැමිනි පෙර නිකුතූන් වලින් ඉගිකර තිබිනි. දැනට භාවිතාවන වඩාත් ජනංප්‍රිය ගොනු වර්ග කිහිපයක් සදහා සූදානම් බවට ඒවා හැදෑරීමේදී හඳුනාගත හැකි විය. Cortana හැකියාවද මේ වන විට නිකුතුව ඇති සංස්කරන ඔස්සේ දැකිය හැකි වුනු අතර මේවායේ සමහර පහසුකම් මෙහෙයුම් පද්ධතිය සමග වූවද භාවිතාව සදහා සාමන්‍ය මට්ටමින් පැමින නොතිබීමද දක්නට ලැබිනි. බොහෝ විට මුල් මෙහෙයුම් පද්ධතිය නොමිළේ පැමිනෙන්නටත් අමතර අංග සදහා web store ඔස්සේ ලබා ගන්නටත් වන නිමැවුමකින් මීලග Microsoft ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සූදානම්ව පැමිනෙනු ඇති බවටයි දැනට හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ.