Windows 10 වඩාත් නම්‍ය භාවිතාවක් කරන්නට Microsoft වෙතින් මහත් උනන්දුවක් දක්වමින් සිටී. තවමත් පෙර සංස්කරන මට්ටමේ පවතින මෙම මෙහෙයුම් පද්ධතිය සදහා මේ වන විට එය අත්හදා බැලිමේ මට්ටමින් භාවිතා කරන්නන ගෙන් feedback මිලියන එකක් ඉක්මවා පැමින ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. Windows 10 Technical Preview සමග ක්‍රියාත්මක වන Windows Insiders වැඩසටහන යටතේ පහසුවෙන් අත්හදා බලන්නෙකුට තම අදස් Microsoft වෙතට පල කරන්නට අවස්ථාව සලසා ඇති අතර Technical Preview of Windows 10 for Phones සදහාද මෙවැනිම අවස්ථාවක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ.Windows 10 වල් පැමිනෙන්නට නියමිත පෙර සංස්කරනයක් මේ වන විට අන්තර්ජාලයට නොනිලව පැමින ඇති අතර එම සංස්කරනයේදී Start menu – transparency වැනි ලක්ෂන කිහිපයක් වන බවටයි දක්නට ලැබෙන්නේ.