Windows 10 අභ්‍යන්තරිකව මෙන්ම මතුපිටින්ද වෙනස් මෙන්ම වඩාත් භාවිතාකරන්නාගේ සිත්ගන්නා හා පහසු මෙහෙයුම් පද්ධතියක් වීමට කටයුතු කරමින් සිටින බවටයි පෙනෙන්නට ඇත්තේ. දැනට නොනිලව අන්තර්ජාලය වෙතට පැමින ඇති build 10036 සංස්කරනය ඔස්සේද මේ බව හෙලිවෙමින් ඇත. Start menu වෙතට පැමින ඇති transparent බව ඉන් එකකි. එසේම මෙහෙයුම් පද්ධතිය වෙතට යවත්කාලීන ලැබීමේදී P2P ආකාරයක් ගන්නට නියමිත බවක්ද ඉන් හෙලි වෙමින් ඇත. එසේම Task View වෙතටද power-user options පැමිනීම කැපී පෙනේ. මීට අමතරව Microsoft ආයතනයද භාවිතාකරන්නන වෙතින් ලබා ගන්නා තොරතුරු වඩාත් විදිමත් කරමින් Insider Hub app ඔස්සේ ඒ සම්බන්ද යෙන් වැඩි තොරතුරු සංක්‍යාවක් පෙන්වන බවටයි පෙනෙන්නට ඇත්තේ. (මෙම 10036 සංස්කරනය වෙතට Microsoft ආයතනය තවමත් නිල සහය නොදක්වන බැවින් එය ස්ථාපනයට කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුය).
විචාරකයින් පෙන්වා දෙන්නේ Windows 8 වලදී වූ modern environment හා desktop ලෙසට වෙනස ට වඩා ඒවා අතර මනා සහයෝගයකින් ක්‍රියාත්මක වීමක් ‍රැගෙනවිත් ඇති අතර ස්වංක්‍රීයව මෙහෙයුම් පද්ධතිය තමන් ධාවන වන දෘඩ තලය තේරුම් ගනිමින් ඒ අනූව සැකසීමේ හැකියාව කැපි පෙනෙනවා.