Digital Security බව ඔබගේ දෛනික ජීවිතයේ තීරනාත්මක සාධකයක් වෙමින් තිබේ. නුදුරු අනාගතයේදී එය වඩ වඩාත් තීරනාත්මක වන්නට කටයුතු සිදුවෙමින් තිබේ. ඔබේ අවට වන තොරතුරු තාක්ෂණ උපාංග මෙන්ම භාවිතාවන් ඔබ සිතානා තරම් ඔබගේ පාලණය තුල නැතුවා විය හැකි බව අද වන විට බහුලවම හමුවන සාධක ඔප්පු කරමින් තිබෙන බව හදාරන්නන්ගේ මතයකි.
මෙම වැඩසටහණ ඉලක්කවන්නේ ඔබගේ දෛනික ජීවිතය වටා ඇති Digital පවුරේ ආරක්ශිත බව ගැන වඩාත් ඔබව අවධි කරවන්නටය. එහිදී දෘඩාංග හා මෘදුකාංග මට්ටමේ සිට නෙක භාවිත අංග දක්වාම ඔබව දැණුවත් කරන්නට සූදානම්ය. ප්‍රායෝගික අර්ථයෙන් පවසන්නේ නම් ඔබගේ තොරතුරු උපාංගයේ, ඊමේල, සමාජජාලා ගිණුම්, වෙබ් අඩවි, බැංකු ගිණුම් දක්වාම උදාහරණ ඇතිව පැහැදිලි කරදෙන්නට මෙම වැඩ සටහනේදී කටයුතු කරනු ඇත.
මෙම වැඩ සටහණේදී
+ Digital බව තේරුම් ගැනීම.
+ ඔබගේ Digital අනන්‍යතාවය.
+ බහුල Digital දුර්වලතා.
+ ආරක්ෂිත පියවර.
යන කාරණා උදාහරන සහිතව පැහැදිලි කර දෙනු ඇත. මෙය හෝරා 4 ක එක් දින වැඩසටහනක් ලෙසට සකස්කර ඇති අතර ඔබගේ අවශ්‍යතාවය අනූව කාලවේලා වෙන්කර ගන්නට මෙන්ම හමුවක් හෝ Online ආකාරයට ලබා ගන්නට හැක.