laptop, phone හා tablet වැනි භාවිතාවන් වලදී එම උපාංග අස්ථානගත වීමේ අනතුර නිරන්තරයෙන් පවතී. බොහෝ විට මෙවන් අස්ථාන ගත වීමකදී භාවිතාකරන්නාට එම උපාංගය අහිමි වනවා සේම ඔහුගේ සබදතා, අවසරපද වැනි තවත් බොහෝ වැදගත්දේ අහිමි වීමේ අනතුර ඇත. මෑතකදී Apple , Android වැනි ප්‍රකට භාවිතාවන් සදහා මෙම ගැටලුවට මෘදුකංගමය විසදුම් ගෙනෙන්නට කටයුතු කල අතර සමහර රටවලදී එවන් විසදුමක් අනිවාර්ය වියයුතු බවට නෛතික පදනමක්ද ගෙනෙන්නට කටයුතු කරන බවට පැවසිනි. විවෘත මෘදුකාංග ගනයේ මෙම විසදුම සරල හා නොමිළේ පැමිනෙන එකක් වන අතර එම මෘදුකාංගය ස්ථාපිතව පවතින උපාංගයක් අස්ථානගත වීමකදී දුරස්ව එය සම්පූර්නයෙන් lock down කර දමන්නටත් එහි භාවිතාවන අවසරපද (passwords) මකා දමන්නටත් ඇතුලු එම උපකරනයේ වන ඔබගේ පෞද්ගලිකත්වය(private stuff) සම්පූර්නයෙන් ඉවත්කරන්නට සහය වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන එහි නිෂ්පාදකයන් පවසන්නේ එවන් අස්ථාන ගත වීමේකදී Internet හෝ SMS message එකක් ඔස්සේ එය ඒ මොහොතේ තිබෙන ස්ථානය, network status, දෘඩාංග මට්ටම ඇතුලු බොහෝ තොරතුරු ලබා ගන්නටත් පෙර කී ආකාරයේ ආරක්ශක පියවර ගන්නටත් සහය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

Download 32-bit

Download 64-bit