online ආකාරයට ප්‍රචන්ඩත්වය විසිරවන්නට උත්සාහ කිරීම එහි වන ප්‍රාථමික මට්ටමේ සැගව සිටින්නට හැකියාව ඔස්සේ ආවරනය නොවනු ඇති බවට කියවෙන පුවතක සසුගියදා ඇමරිකාවෙන් වාර්ථා විය. කලු ජාතික නිරායුධ තරුනයෙකු එරට පොලොස් නිලධාරියෙකු විසින් එල්ල කරන ලද වෙඩි පහරක් ඔස්සේ මිය යාම මුල් කරගෙන එම සමාජය තුල කැලබීමක් ඇති කරන්නට සමත්වූ අතර අගෝස්තුවේ එම සිදුවීම Missouri වලදී සිදුවීමෙන් අනතුරුව New York City වලදී සිදුවූ වෙඩිතැබීමක් ඔස්සේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මියයාමක්ද වාර්ථා විය. එම වෙඩිපහර එල්ලකල පුද්ගලයා ප්‍රකාශ කර තිබුනේ පෙරකී නිරායුධ කලු තරුනයාගේ මරනයට පලිගැනීමක් ලෙසට තම එම ක්‍රියාවට පෙලබුන බවකි.
පසුව YouTube video වක් වෙතට “Vets Hunting Cops.” ලෙසින් වන අන්වර්ථ නාමයක් සහිතව පලකර තිබූ comment එකක “for every innocent citizen that cops kill we, veterans will kill retired helpless cops.” ලෙසට වූ අදහස පිලිබදව සැලකිලිමත්වූ එරට ආරක්ශක අංශයන් Google වෙතින් ලබා ගත් තොරතුරුද ඇසුරින් මෙම අත්වඩංගුවට ගැනීම සිදුකල බවටයි වාර්ථා වන්නේ. එම භාවිතාකරන්නගේ profile අසුරින් ලබා ගත් ලිපිනයන් ඇතුලු තොරතුරු ආශ්‍රයෙන් මෙම අත්වඩංගුවට පත්වීම සිදුව ඇති අතර අදාල චෝදනා ඔප්පුවුවහොත් පස් වසරක සිරදඩුවමකට යටත්වන ආකාරයේ චෝදනා විභාගයකට ඔහු මුහුන දෙමින් සිටින බවටයි එම වාර්ථා වැඩි දුරටත් පැහැදිලි කර තිබෙන්නේ.