Federal Communications Commission (FCC) වෙතින් පැමිනෙන්නට නියමිත නව යෝජනා සම්මතයක් ඔස්සේ Internet providers හට වෙබ් අඩවි වෙතට පැමිනෙන්නන් වෙතට blocking or throttling හැකියාව අවසන් කරන්නට සූදානම් වන බවටයි තොරතුරු හෙලි වන්නේ. පසුගිය කාලයේ ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශකල පරිදි net neutrality බව ‍රැක ගැනීම වැදගත් බවහා එය සදහා තම සහය පලකිරීමේ ප්‍රකාශයෙන් අනතුරුව සූදානම්වූ draft proposalය එලබෙන සති කිහිපය තුල ඉදිරිපත් වෙනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ. අන්තර්ජාලය තුල සංසරනය වන කිසිදු තොරතුරු බිට්‍ටුවකට ප්‍රවනතාවාක් නොලැබීමෙ පදනම මත ගොඩ නැගෙන මෙම net neutrality ඔස්සේ ලොව වෙතට නව රටාවක් ගෙනැවිත් ඇති අතර එහි ඇති නිදහස් බව ‍රැක ගත යුතු වටිනාකමක් ලෙසට ලොව නෙක කන්ඩායම් අතර විශාල මතවාදයක් පවතී.