Microsoft Security Essentials යනු Microsoft සමාගම තම Pc භාවිතාකරන්නන් වෙතට නොමිළේ ලබා දෙන ආරක්ශක මෙහෙයුම් පද්ධතියයි. Microsoft මෙහෙයුම් පද්ධති සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කරන මෙන්ම පරිගණකයේ ධාවනයට අඩුවෙන්ම බලපාන ක්‍රියාත්මකවී මක් ‍රැගෙන එන මෙම ආරක්ශක මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ idle අවස්ථාවලදී යාවත්කාලීන වන්නට මෙන්ම Scans කරන්නට සැකසුම් ‍රැගෙන එන භාවිතාකරන්නාට මෙන්ම පරිගණකයට අඩුවෙන්ම දැනෙන ආරක්ශක මෘදුකාංගයක් ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. genuine Windows පිටපත් සමග භාවිතයට සුදුසුවන මෙම ආරක්ශක මෘදුකාංගය ස්ථාපනයට පෙර වෙනත් ආරක්ශක මෘදුකාංගයක් ක්‍රියාත්ම වෙමින් ඇත්නම් එය අස්ථාපනය කර දැමීම වඩාත් සුදුසු වනු ඇති බවටයි උපදෙස් ලැබෙන්නේ. පහත දැක්වෙන බැදියාව ඔස්සේ පිවිසීමෙන් මෙම ආරක්ශක මෘදුකාංගය පිලිබදව වැඩි දුර විස්තර මෙන්ම එහි නවතම සංස්කරනය බාගත කර ගැනීම සදහා අවස්ථාව පැමිනෙනු ඇත. එසේම මෙම මෘදුකාංගයේ Microsoft Security Essentials 4.7.202.0 Prerelease සංස්කරනයේ පිටපතක්ද පහත වන දෙවන බැදියාව ඔස්සේ ඔබට ලබා ගන්නට හැකිවනු ඇත.

http://windows.microsoft.com/en-us/windows/security-essentials-download

http://www.microsoft.com/en-us/download/details.aspx?id=29942