LibreCAD යනු විවෘත මෘදුකාංග ගනයේ නිකුතුවකි. එය personal මට්ටමේ CAD application ඔබගේ Windows, Macintosh මෙන්ම Linux පරිසරයන් වලදී කාර්යක්ශමව ඉ‍ටුකර දෙන්නට සමත් වන මෘදුකාංගයක් ලෙසට සැලකේ. ලොව පුර වෙසෙන බොහොමයක්වූ LibreCAD භාවිතාකරන්නන සදහා 2D CAD application සාර්ථකව ඉ‍ටුකර දෙන්නට සමත්වූ මෘදුකාංගයක් ලෙසට ප්‍රසාදයක් ඇති මෘදුකාංගයකි.භාෂා 20කට වඩා සහය දක්වන මෙම මෘදුකාංගය Linux වල Debian, Ubuntu, Fedora, Mandriva, Suse.. වැනි බොහෝ භාවිතාවන් සමගද හොඳින් ධාවනයට සූදානම්ව පැමින තිබීම වඩාත් සිත්ගන්නා සුලු වනු ඇත.මෙම මෘදුකාංගය GPLv2 public license යටතේ ක්‍රියාත්මක වන මෘදුකාංගයක් වන අතර එහි නවතම සංස්කරනය පහත දැක්වෙන සබදතාවය ඔස්සේ ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත.

http://downloads.sourceforge.net/librecad/LibreCAD-Installer-2.0.7.exe