LastPass මේ වන විට තම භාවිතාකරන්නන් හට master passwords සදහා 12-character අවමය ලෙසට නම් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ දිගු අවසර පදය තව දුරටත් වඩාත් ආරක්ෂිත බවක් රැගෙන එන බවයි. ඔවුන් 2018 සිට නව භාවිතා කරන්නන් සදහා 12 characters අනිවාර්ය කර තිබුනද පෙර භාවිතා කරන්නන් සදහා අනිවාර්ය කර නොතිබුනද මින් ඉදිරියට තත්වය වෙනස් කර ඇති බවයි පවසන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ brute-force වැනි අවස්ථාවකදී පහර දෙන්නෙකුට බිලියන ගනනක් අවසර පද ඉතා සුලු කාලයකදී යොදා බලන්නට හැකිවන අතර six characters අවසර පදයක් සදහා ගතවන්නේ ඉතා කෙටිකාලයක් විය හැකි බවයි. එසේ මුත් 12-character password සංයුතියක් සදහා තවමත් අනුමාන අවසර පදයක් සදහා ඉතා වැඩි කාලයක් ගත වන බව අනුමාන වෙම්න් තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය කාලයේදී LastPass වෙතට එල්ලවූ සයිබර් ප්රහාරයක් ඔස්සේ විශාල අවසර පද ප්‍රමානයක් මෙන්ම අදාල තොරතුරු එම ආයතනයෙන් ගිලිහුන බවටයි වාර්ථා වූවේ.
Pubudu Siriwansa
