iPhone සමග වන තවත් ඵලදායී අංගයක් වන්නේ ස්වංක්‍රීයව පනිවිඩයක් යවන්නට වන හැකියාවයි. උදාහරනයක් ලෙස දෙමාපියන්ට තම දරුවා අත වන දුරකතනය ඔස්සේ ඔහු නිවසට පැමිනි විට ස්වංක්‍රීයවම ඒ බව කියවෙන පනිවිඬයක් නිකුත් වන්නට සැකසුම් iPhone සමග වේ. ඒ සදහා Shortcuts app ඔස්සේ පිවිස Create Personal Automation තොරා අනතුරුව Location වෙතට පිවිස එය ලබා දීමෙන් පසු Done තේරීමෙන් ද අනතුරුව top right වල වන Next ඔස්සේ ඉදිරියට ගොස් Send Message ‍තෝරා ගැනීමෙන් අනතුරුව ඔබට එම message එක type කිරීමේ අවස්ථාව ඔස්සේ ‘Hi, I’m home!’ වැන්නක් සටහන් කරන්නට හැකි වනු ඇත. අවසානයේ Recipients තේරීම ඔස්සේ මෙම ක්‍රියාවලිය අවසන් කරන්නට හැකිවේ. අනතුව මෙම අංගය switch off නොකරන තාක් අදාල ස්ථානයට දුරකථනය සේන්දුවූ විගස අදාල පනිවිඩය පෙල සැලසුම් කල ආකාරයට අදාල ලබන්නා වෙතට ලැනෙනු ඇත.
Pubudu Siiwansa